ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී සරත් ධර්මසේනගේ අවසන් කටයුතු අද

0
13

ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී සරත් ධර්මසේන මහතා අභාවප්‍රාප්ත විය. ‘දවස’ පුවත්පතෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි ඔහු එම පුවත්පතේ අධිකරණ වාර්තාකරුවකු ලෙස ‘දවස’ ආයතනය වසා දමන අවස්ථාව දක්වා කටයුතු කළේය.

අනතුරුව ‘දිවයින’ පුවත්පතට එක්ව එම පුවත්පතට අධිකරණ වාර්තා සපයමින් දශක දෙකකට වැඩි කාලයක් කටයුතු කළේය.

පසුව අරුණ පුවත්පතට එක්වී අධිකරණ වාර්තාකරු වශයෙන් මියයන තෙක්ම ඔහු කටයුතු කළේය.

මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කළ ජේ‍යෂ්ඨතම මාධ්‍යවේදියකු වන සරත්, මාධ්‍ය කටයුතුවලදී තම වගකීම් මෙන්ම කාර්යභාරය නොපිරිහෙළා ඉටුකළ ආදර්ශමත් මාධ්‍යවේදියකු විය.

චාම්, නිහතමානී දිවියක් ගත කළ සරත් වෛරය, කේ‍රා්ධය, ඊර්ෂ්‍යාව නොහඳුනන, ඇසුරු කළ හැමට වචනයකින් හෝ උදවු උපකාර කළ මාධ්‍යවේදියෙකි.

දරුවන් පස්දෙනකුගේ පියකු වන සරත් මිය යනවිට 85 වැනි වියෙහි පසුවිය.

ඔහුගේ දේහය අංක 46, මිරිස්වත්ත පාර, පෑලියගොඩ. ලිපිනය නිවෙසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (14දා) ඉරිදා සවස පෑලියගොඩ, මීගහවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.