ජේම්ස්ට ඇඩ්‍රස් නැති කළ හාපර්ගේ තීරණය MEN

0
191

A24 ආයතනය කියලා කිව්වාම චිත්‍රපට ලෝලීන් නම් නොදන්නවා වෙන්න බැහැ.  ඉතින් මේ A24 ආයතනයෙන් නිකුත් කළ නවතම චිත්‍රපටය පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ A 24 ලාගේ චිත්‍රපටි ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ කියලා මම හිතනවා. මොකද කියනවා නම් මෑතකදී. එයාලා නිකුත් කළ X 2022 everything everywhere all at once (2022) වගේ සිනමාපට බැලුවා නම් තේරෙනවනේ එයාලගේ දස්කම් කොහොමද කියලා. ඒ වගේම තමයි A24 ලගේ Hereditary midsommar වැනි සිනමාපට නම් ඔබ අනිවාර්යයෙන්ම නරඹලා තියෙන්න ඕනි හොල්මන් චිත්‍රපට රසිකයෙක් නම්.

ඉතිං අද මේ කියන්න යන චිත්‍රපටයත් ඒ වගේම ඉහළ මට්ටමක තිබෙන සිනමාපටයක් වගේම වෙනස්ම ආකාරයේ කතා තේමාවක් යොදාගෙන නිර්මාණය කරලා තිබෙන චිත්‍රපටයක් කියලත් කියන්න පුළුවන්. කියන්නම ඕනි විශේෂ දෙයක් තමයි මේ චිත්‍රපටයට ලැබිල තියෙන්නේ මිශ්‍ර ප්‍රතිචාර. ඒ කියන්නෙ සමහරුන්ට මේක A 24ලා නිර්මාණය කරපු චිත්‍රපට අතරින් බලපු වැඩක්ම නැති ෆිල්ම් එකලු. ඒ වගේම සමහරුන්ට හොඳම ෆිල්ම් එකක්ලු. ඒත් මගේ මතයට අනුව නම් මේක මම බලපු වෙනස්ම ආරයකින් නිර්මාණය වුණු වෙනස්ම විදියේ Horror සිනමාපටයක්. ඉතින් ඔයාලත් මේ වගේ කතා තේමාවක් තිබෙන Horror සිනමාපටයක් මීට කලින් බලලා නැතුව ඇති කියලයි මට හිතෙන්නේ.

චිත්‍රපටයට IMDb දර්ශකේ 6.3 අගයක් ලබාගෙන  තිබෙනවා.  මේකේ රේට් එක සාපේක්ෂව අඩු අගයක් ගත්තාට මේකෙන් හොඳ පණිවුඩයක් අවසානයේදී දෙනවා කියලා නම් බලන කෙනෙක්ට පහසුවෙන්ම තේරෙනවා. තවත් මට හිතුණු දෙයක් තමයි මෙහෙම රේට් එකක් ඇවිත් තිබෙන්නේ මේ චිත්‍රපටය බලපු අයට මේකෙ අවසානය ගැන නිශ්චිත අදහසක්  නැති නිසා වෙන්න පුළුවනි. මේ සිනමාපටය නිකුත් වෙන්නේ 2022 මැයි 20 වැනිදා. මෙය අධ්‍යක්ෂණය කරල තිබෙන්නේ. Alex Garland විසින්. ඉතින් මෙයට රංගනයෙන් දායක වන්නේ Jessie Buckley/ Rory Kinnear/ Paapa Essiedu/ Gayle Rankin වගේ අති දක්ෂයෝ  පිරිසක්.

එහෙනම්  කතාව ගැන ටිකක් කතා කළොත් මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් වන හාපර් සහ ජේම්ස් කියන්නේ විවාහ වූ යුවළක්. නමුත් මෙයාලගේ විවාහයේ තිබුණු නොයෙකුත් අඩුලුහුඬුකම් නිසා හාපර්ට මේ කසාදෙ සෑහෙන දුරට එපා වෙලා තිබෙන්නෙ. හාපර්ට දික්කසාදය ඕනි වුණත් ජේම්ස් නම් දික්කසාද වෙන එකට නම් තදින්ම විරුද්ධයි. මොකද කියනවා නම් ජේම්ස් හාපර්ට ගොඩාක් ආදරය කරනවා. නමුත්  හාපර් නම් තමන්ගෙ තීරණය වෙනස් නොකරම දැඩි මතයක ඉන්නවා.  එයා  දික්කසාද වෙන්න ඕනෙ කියන තැනම ඉන්නවා. පස්සෙ බැරිම තැන ජේම්ස් කියනවා හාපර් එයාව දික්කසාද කළොත් තමන්ගෙ ජීවිතේ නැති කරගන්නවා කියලා. ඉතින් ඒ මොහොතේ ඇතිවෙන බහින්බස් වීමක් දුරදිග යෑම නිසා හාපර් ජේම්ස්ට බැනලා ගෙයින් පන්නා දානවා.

ඉතින් ඔයාලා මොකද හිතෙන්නේ. ජේම්ස් කියපු විධියට එයා සියදිවි හානිකර ගනීද? නැතිනම් හාපර් මේ විධියට එයාව ගෙදරින් එළවා දැම්ම නිසා හාපර්ගෙන් පළිගනීවිද? නැත්නම් දෙන්නා දෙන්නාව තේරුම් අරන් ආයෙත් හොඳින් ජීවත් වේවිද? මේවාට විසඳුමක් ලබාගන්න නම් ඔයාලටත් අනිවාර්යයෙන්ම මේ සිනමාපටය නරඹන්නම වෙනවා.

ප්‍රභානි සරත්චන්ද්‍ර