ජීවන්ත පියතුමාට ඇප

0
35

ගාලුමුව‍ෙදාර විරෝධතා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් වූ අමිල ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සිකුරාදා (12දා) නියෝග කළේය.

එසේම සැකකාර අමිල ජීවන්ත පීරිස් පියතුමාගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා මෙම 13දා දින කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන මෙන් සැකකරුට නියම කළේය.

අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටිමින් පසුගිය ජූලි මස 9 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය තුළට ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධව පියතුමාද සැකකරුවකු ලෙස නම් කර ඇති බවට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම නඩුව නැවත ලබන 26 වැනි දින කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

හංසි නානායක්කාර