ජනපති අරමුදල යළි සක්‍රිය වෙයි

0
36

ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලා 2020 වසරෙන් පසු අයැදුම්පත් ඉදිරිපත් කළ කිසිවකුට ආධාර මුදල් ගෙවා නැතැයි එම අරමුදලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය තුළ අයැදුම් කළ කිසිවකුට මෙම ආධාර නිකුත් කොට නැත.

2020 වසරේ මුල් භාගයේ අයැදුම්පත් කිහිපයක් වෙනුවෙන් ආධාර මුදල් ගෙවා ඇතත් එසේ ගෙවන ලද්දේ එම වසරට පෙර වසරවල ඉදිරිපත් කරන ලද අයැදුම්පත් සඳහා පමණි.

හෘද සැත්කම්, වකුගඩු බද්ධ කිරීම්,  අක්මා බද්ධය, කර්ණ සංඛ බද්ධය ඇතුළු බරපතළ රෝග තත්ත්වයන් සඳහා වන සැත්කම්වලදී වැයවන මුදලින් කොටසක් ජනාධිපති අරමුදලින් ලබාගත හැකි අතර නතර කර තිබුණේ එසේ ආධාර ඉල්ලූ අයැදුම්පත් සඳහා ගෙවීම් සිදුකිරීමය.

කෙසේ වෙනත් එම අයැදුම්පත් සඳහා ආධාර මුදල් ගෙවීම පසුගියදා යළි ආරම්භ කළ බව මේ සම්බන්ධව “මව්බිම” කළ විමසීමකදී ජනාධිපති අරමුදලේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

විනීතා එම්. ගමගේ