චීන නැවේ පැමිණීම ලංකාවට නවත්වන්න බෑ

0
166

ආන්‍ෙදා්ලනයට තුඩු දුන් යුවාන් වැන්ග් 5 චින නෞකාව හම්බන්තොට වරායට පැමිණීම වැළැක්විය නොහැකි බව මේ සම්බන්ධව කටයුතු කරන රජයේ ආයතන කිහිපයකම ප්‍රධානීහු ‘ඉරිදා මව්බිම’ට පැවැසූහ.

හම්බන්තොට වරායේ පරිපාලනය හා මෙහෙයුම් සියල්ල සිදුකරනු ලබන්නේ චීන සමාගමක් නිසා මෙම නෞකාව තම සේවාව සපයා ගැනීම සඳහා එහි පැමිණීමට විරුද්ධව කටයුතු කිරිම කළ නොහැකි බව ශ්‍රී  ලංකා වරාය අධිකාරිය පැවැසුවේය.

යුවාන් වැන්ග් 5 චීන අභ්‍යවකාශ පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී  ලංකා වරාය අධිකාරියෙන් මෙතෙක් ඉල්ලීමක් සිදුකර නොමැති බව වරාය අධිකාරියේ මේ සම්බන්ධව බලයලත් නිලධාරියා වන හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් පී. සිල්වා පැවැසීය.

එසේම පවතින තත්ත්වය අනුව අන්තර්ජාතික සාගර නීතිය උල්ලංඝනය කරමින් රට තුළට පැමිණෙන යුවාන් වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව කිසිදු ආකාරයක මැදිහත් වීමක් සිදු නොකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවැසීය.

නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාවට වගකීමක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් වගකීමක් පවතින්නේ වරාය අධිකාරියට හා විදේශ අමාත්‍යාංශයට බවත් මේ ගැටලුවට විසදුම් සෙවිය යුත්තේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමෙන් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

එවන් පසුබිමක අන්තර්ජාතික නෞකා ගවේෂණ වෙබ් අඩවියක් වන මැරින් ට්‍රැෆික් (Marine Traffic) හී දත්ත සටහනට හා චන්ද්‍රිකා දත්තවලට අනුව මෙම නෞකාව ඉන්දියානු සාගරයේ නයින්ටිඊස්ට් ඊඩ්ස් නමින් හඳුන්වන මුහුදු පත්ලේ ඇති ක¾දු පන්තිය ආසන්නයේ නොට් 08ක වේගයකින් ඉහළට හා පහළට යන ආකාරයක් දකින්නට තිබේ.

එම තොරතුරුවලට අනුව මෙම යුවාන් වැන්ග් 5 නෞකාව මේ වන විට ශ්‍රී  ලංකාවට කිලෝ මීටර් 800කින් පමණ දුරින් යාත්‍රා කරන බවත් එම ක¾දු පන්තිය පසුගිය වසර කිහිපය පුරාම චීනය, ඉන්දියාව හා ඇමරිකාව විසින් ගවේෂණ කටයුතු සිදුකර තිබීමද විශේෂත්වයකි. 

යුවාන් වැන්ග් 5 නෞකාව තම පර්යේෂණ අවශ්‍යතාව සඳහා පැමිණෙන බවත් එය කිසිවිටක නතර නොකරන බව එරට මාධ්‍ය වර්තා කරන පසුබිමක මේ නෞකාවට දැඩි විරෝධයක් හා ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම ආරක්ෂක පියවරක් ගැනීම සඳහා ඉන්දියාව සූදානමින් සිටින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

මිතුන් ජයවර්ධන