කොඳු ඇට පෙළේ පුරුක් දෙකක් අෑත් වුණු රෝගියකු සුවපත් කළ විස්කම

0
38

කොන්දේ වේදනාවක් හැදුණු ගමන් අපේ බොහෝදෙනා කරන්නේ මොනවා හෝ වාත තෙලක් අරන් පිට කොන්දේ තවරා අතගෑමයි. එයින් කෙරෙන සම්බාහනය නිසා කොන්දේ අමාරුව යාන්තමින් හෝ සුව වුණොත් ඒ අය සිතන්නේ එය “වාත අමාරුවක්” නිසා වූවක් හැටියටයි.

තවත් සමහරු පපුවේ සෙම ගතිය නිසා පිට කොන්දෙන් පටන් ගන්නා වේදනාව පෙණහලු හරහා එනවා කියා හිතාගෙන ගොඩ බෙහෙත් කරන්නත් පෙලඹෙනවා. හොඳට හෝ නරකට ඇතැමුන්ට තාවකාලිකව කොන්දේ එම අමාරුව හෝ අපහසුතාව නැති වුණා නම් හිතන්නේ තමන් අනුමාන කළ රෝග තත්ත්වය නිසා එලෙස සුව වූ බවයි.

නමුත් අප ළඟට අන්තිමේ අමරුම වෙලා එන ලෙඩ්ඩුත් එක්ක ගැවසිලා, ඒ කතා අහලා, ප්‍රතිකාර කරලා අත්දැකීමක් තියෙනවා. බොහෝ අය තමන් හිතාගෙන උන්නු රෝගී තත්ත්වයට නොවෙයි එහෙම ගොඩ වෙදකම් කළේ කියලා. අපි ලෙඩාගේ විස්තරය අහලා ඒ අනුව සැක කරනවා අසවල් තත්ත්වය නිසා තමයි මෙයාට මේ දේ වුණේ කියලා. අපි ලෙඩාව ඇඳට අරන් හොඳින් පරීක්ෂා කර බැලුවාමයි තේරෙන්නේ, ලෙඩා බෙහෙත් කරපු, හිතාගෙන උන්නු රෝගය නොවෙයි ඔහුට තියෙන්නේ කියලා. අපි නිසැකයෙන්ම රෝග පරීක්ෂාවෙන් හඳුනාගන්නවා අසවල් ලෙඩේ තමයි තියෙන්නේ. ඒකෙ රෝග නිදානය හට ගන්නේ මෙන්න මෙතැනයි කියලා.

ඔන්න ඔය වගේ තමන්ට තියෙන්නේ කොන්දේ වේදනාවක්ය කියලා කාලයක් හිතාගෙන හිටපු පිටරටක කලක් සේවය කරමින් හිටි කෙනෙක් අපට කතා කර තොරතුරු විමසා වෛද්‍යශාලාවට දිනක් වේලාවක් වෙන් කරගෙන ලංකාවට ආ ගමන් පැමිණියා.

ලෙඩා අපට කිව්වෙත් අර ඉහත අප කියූ ආකාරයට ගොඩ වෙදකම් කළ හැටියි. කතාව අහලා ප්‍රශ්න කිහිපයක් විමසුවාම ඇත්ත කතාව එළියට ආවා. මේ තැනැත්තා සීතල රටකයි සේවය කර තිබුණේ. යහමින් අතමිට සරු නිසා ලෙඩ රෝග ගැන හිතලා තිබුණෙත් සැහැල්ලුවෙන්. නමුත් ඔහු කරලා තියෙන්නේ ගොඩක් ඇඟ වෙහෙස වන රැකියාවක්. අධික සීතලත් එක්ක රැකියාවේ අවිවේකී බවත් එක්ක ශරීරයේ තත්ත්වය වෙනස් වෙලා අවුරුදු හතරක් විතර මෙහෙම වැඩ කරගෙන ගිහින් තියෙනවා.

ඉන්පසු කොන්දේ අමාරුවක් හටගෙන තියෙනවා. ඒ ඒ වෙලාවට එක එක බාම් වර්ග ගල්වලා වේදනාව තාවකාලික දුරු කර ගත්තත් හිටි ගමන් ආයෙ ආයෙත් වේදනාව දරුණු විදිහට ඇවිල්ලා. එහෙම වුණේ ඇයි කියලත් එයාට හිතාගන්න බැරි වෙලා. ටික දවසකින් වම් පාදයත් රිදෙන්න අරන්. ඒක දකුණු පැත්තටත් ඇවිත්. ඉන්පසු ඉණට මඳක් ඉහළින් කොඳු නාරටිය හරහා යටි පතුල් දක්වාම වේදනාව දරුණු වෙලා.

අප ළඟට ආ මොහොතේ ඉඳන් අප ප්‍රතිකාර පටන් ගත්තා. නැත්නම් එතැනින් වේදනාව නතර වෙන්නේ නෑ. යටි පතුලෙන් බත් කෙන්ද හරහා ශරීරයේ ඉහළටම වේදනාව පැතිරෙනවා. එයාගේ සිරුර වාරු කරගෙන ඇවිදින්න බැරි වෙනවා. බොහෝ අසරණ වන්නට හෝ පෙර වාසනාවකට අපේ තොරතුරු දැනගෙන ඔහු පැමිණ තිබුණා.

අපේ සොයාගැනීමට අනුව ඔහුගේ කොඳු ඇට පෙළේ පුරුක් දෙකක් එකිනෙක ගැටීම නිසයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා සැක හැර දනගත්තා. අප ඔහුව අපේ වෛද්‍යශාලාවට අනුබද්ධ රෝහලේ නවතාගෙන ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ඉතා කෙටි කාලයක් තුළ ඔහු සුවපත් වුණා. දැන් ඔහු යළි විදේශ ගත වෙලා.

විජිත කේ. පතිරණ

අස්ථි රෝග විශේෂ වෛද්‍ය

එම්.ඒ. මදනායක

මදනායක බෙහෙත් ශාලාව වැලිගම

0771875707