ජීවන්ත පීරිස් පියතුමා ගැන අධිකරණය ගත් තීරණය

2
1809

නීතීඥවරුන් මාර්ගයෙන් අද (අගෝ. 12) අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එහිදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත්තේ, සැකකාර පියතුමා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

එමෙන් ම, ජීවන්ත පීරිස් පියතුමන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කර ඈති මහේස්ත්‍රාත්වරයා හෙට දින පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද පියතුමන් වෙත නියෝග කර තිබේ.

ඒ අනුව, එම පැමිණිල්ල නැවත අගෝ. 26 වන දා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

2 COMMENTS

Comments are closed.