බොරු හැඳුනුම්පතකින් සැකකරුවන්ට ඇප දුන් තැරැව්කරු රිමාන්ඩ්

0
20

ව්‍යාජ හැඳුනුම් පතකින් ඇප තැබූ තැරැව්කරුවෙක් ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉකුත්දා (9දා) නියෝග කළේය.

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙලෙස අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවකුට ඇප තැබීමට පැමිණි මෙම සැකකාර තැනැත්තා විසින් එම අධිකරණයේ ලිපිකාරිනියකට සිය හැඳුනුම්පත ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කළ අවස්ථාවේදී මීට පෙරද අවස්ථා කිහිපයක මොහු සැකකරුවන්ට ඇප ලබා ගැනීමට ඉදිරිපත් වී ඇති බවට එම ලිපිකාරිනියට හැඟී ගොස් ඔහුගෙන් ඒ පිළිබඳව විමසීමේදී ලියකියවිලි ලිපිකාරිනියගෙන් උදුරා දිවගොස් ඇති බවට කෙසෙල්වත්ත පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

එම අවස්ථාවේදී ලිපිකාරිනිය විසින් ආරක්ෂක අංශ දැනුවත් කිරීමේදී කෙසෙල්වත්ත අධිකරණ පොලිස් මුරපොළේදී සැකකරු අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසියට භාරදී තිබේ.

පසුව සැකකරු ළඟ තිබී සොයා ගන්නා ලද ජාතික හැ¾දුනුම්පත මාර්ගයේ බිම වැටී තිබියදී අහුලා ගෙන එම හැඳුනුම්පතට ඔහුගේ ඡායාරූපය එක්කර සාදා ගන්නා ලද ව්‍යාජ හැ¾දුනුම්පතක් බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

හංසි නානායක්කාර