දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි ස්වල්පයක්

0
24

දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12දා) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

ඊට අමතරව මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවැසීය.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට.කි.මී. 50-55 දක්වා වැඩි වන අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්