ඛනිජ තෙල් ආනයනය විදේශ සමාගම්වලට දීමේ තීරණය බල රහිත කරන්න

0
42

ශ්‍රී  ලංකාව තුළ ඛනිජ තෙල් ආනයනය බෙදා හැරීම හා අලෙවිය යන සියලු කාර්යයන් සඳහා විදේශීය සමාගම්වලට දීර්ඝ කාලීන වශයෙන් අවසරය ලබාදීමට ඉකුත්දා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල රහිත කරන ලෙසට ඉල්ලා සිටිමින් පෙරේදා (10දා) ශේ‍ර්ෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරිණි.

එය ගොනු කරන ලද්දේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී  ලංකා නිදහස් සේවක සංගම් ශාඛාව මඟිනි.

ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන් හා නීතිපතිවරයා සෙසු වගඋත්තරකරු වශයෙන්ද නම් කරමින් මෙම පෙත්සම ගොනු කොට ඇත.

අමාත්‍ය මණ්ඩලය ගනු ලැබ ඇති මෙම අත්තනෝමතික තීරණය මඟින් රටේ ඉතා විශාල ආදායමක් උපයනු ලබන ඛනිජ තෙල් ආනයනය බෙදා හැරීම හා අලෙවිය සහ සියලු කටයුතුවල ඒකාධිකාරය වැඩි කල් නොගොස්ම ස්වදේශිකයන්ට අහිමිව යෑමෙන් රටේ ආර්ථිකයට බරපතළ පාඩුවක් වන බවද 1960ට පෙර පැවැති ඒකාධිකාරයක් ගොඩනැඟී තිබූ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහටුවමින් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය එම අධිකාරය බිඳ දමා එම ව්‍යාපාරය දේශීයකරණය කරනු ලැබූ බවත් පෙත්සමෙන් ප්‍රකාශ කොට ඇත.  

කමල් මහේන්ද්‍ර වීරරත්න