අරගලයට ප්‍රචාරය දුන් සුදු කතට 15ට පෙර රටින් යන්න කියයි

0
69

ගාලුමුව‍ෙදාර විරෝධතාවට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර දුන් ස්කොට්ලන්ත ජාතික තරුණියගේ වීසා බලපත්‍රය අවලංගු කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එළැඹෙන 15 වැනිදාට පෙර ශ්‍රී  ලංකාවෙන් පිටව යන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දන්වා ඇතැයි එම වාර්තා සඳහන් කරයි.

වෛද්‍ය හේතු මත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කරන බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දන්වා ඇති ලිපිය ඇය සමාජ මාධ්‍ය පිටුවක පළ කර තිබිණි.

ගාලුමුව‍ෙදාර අරගලයේ නොයෙකුත් සිද්ධීන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට ඇයට මීට පෙරද චෝදනා එල්ල වී තිබූ බවද වාර්තා වේ.

වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටින අතරතුරදී ආරක්ෂක අංශ පිළිබඳ සාවද්‍ය තොරතුරු සහ රටේ පැවැති අර්බුදකාරී තත්ත්වය ඇය ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ බවටද ඇයට චෝදනා එල්ල විය. 2019 වසරේදී ස්කොට්ලන්තයේ සිට ඇය මෙරටට පැමිණ ඇත්තේ වෛද්‍ය වීසා මතය.

කීර්ති මෙන්ඩිස්