දැඩි කොන්දේසියක් මත තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටීමට ගෝඨාභයට අවසර

1
468

වෙනත් රටක ස්ථිර රැකවරණ ලැබෙන තුරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටින බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා (Prayut Chan-o-cha) ප්‍රකාශ කර තිබේ.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, මානුෂීය හේතු මත තාවකාලික සංචාරයක් සඳහා රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණෙන බව ත් එහි සිටින කාලය තුළ දේශපාලන කටයුතු සිදු නොකරන බව ට ඔහු පෙරොන්දු වී ඇති බව ත් ය.

“මේක මානුෂීය ප්‍රශ්නයක්. තාවකාලිකව රැඳී සිටීමට අවසර දීමක් ලෙස අපි පොරොන්දු වුණා. කිසිදු [දේශපාලන] ක්‍රියාකාරකමකට ඉඩ ලබා දෙන්නේ නැහැ. මෙය ඔහුට රැකවරණය ලබා ගැනීමට රටක් සොයා ගැනීමට උපකාරී වේවි,” ප්‍රයුත් ප්‍රකාශ කර ඇත.

රාජපක්ෂ මහතාට තායිලන්තයේ තාවකාලිකව රැඳී සිටීමට අවසර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා රජය එරට රජයෙන් ඉල්ලීමක් කළ බවට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය ටැනී සොන්ග්‍රැට් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කර තිබිණි.

2013 වසරේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති කර ගත් එකඟතා ගිවිසුමකට අනුව, රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ඇති හිටපු ජනාධිපතිවරයාට වීසා රහිතව දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමි වන බව ද ටැනී සොන්ග්‍රැට් එමගින් පෙන්වා දී තිබිණි.

1 COMMENT

  1. ගෝටබය මැතිදුනි, ඉන්න තැනක සතුටින් ඉන්න. ලාන්කීය ජනතාව ඉන්න පැත්තක හුලගක්වත් ඔබට නොවදීවා. මැතිදුනි, ලන්කාව පැත්තට හැරී තිබෙන වැසිකිලියකටවත් නොයන්න. මේ කුහක ජනතාව අමතක කරලම දාන්න. ඔබට තෙරුවන් සරනයි.

Comments are closed.