මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද

0
73

මහනුවර ඓතිහාසික ශ්‍රී  දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්‍ෙදා්ලි පෙරහර අද (11දා) දින පස්වරු  07 පසුව විනාඩි 35ට එළැඹෙන සුබ නැකැතින් වයඹ දිසාභිමුඛව ආරම්භ වේ. සිවුමහා දේවාල පෙරහරද කැටුව ශ්‍රී  දළදා මාලිගාව අසලින් ආරම්භ වන ඇසළ පෙරහර වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතව තිබේ.

 අවසන් මහා ඇසළ පෙරහර පූර්ණ වශයෙන් මහනුවර නගරය ආවරණය වනසේ වීදි සංචාරය කරන අතර අවසන් මහ පෙරහර වෙනුවෙන් ශ්‍රී  දළදා මාලිගාවේ පෙරහරට මෙන්ම නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි සිව්මහා දේවාල පෙරහරටද විශේෂ සංස්කෘතික හා කලා අංග එක්කොට ඇති බවත් අලි, ඇතුන් සංඛ්‍යාව වැඩි කොට ඇති බවත් පෙරහර සංවිධායක මණ්ඩලය පවසයි.                           

12 වැනිදා දියකැපුම් හා දවල් පෙරහරින් සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වීමට නියමිතය.

මහනුවර – කේ.එල්. සුරවීර