භාණ්ඩ 10ක මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදෙන්න පියවර ගන්නවා

0
60

පරිප්පු, ආනයනික සහල්, සීනි ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළ යෑම නිසා එහි වාසිය සාමාන්‍ය  ජනතාවට ලබාදිය යුතු බවත්, අවශ්‍ය නම් බිස්කට් අත්‍යවශ්‍ය  භාණ්ඩයක් ලෙස නම් කර එහි මිල පාලනයක් ගෙන ඒමට කටයුතු කරන බවත්, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පැවැසීය.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන් සමඟ ඊයේ (10දා) පැවැති මාධ්‍ය‍ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.

ඉකුත් සතියේදී පරිප්පු කිලෝවක මිල රුපියල් 175කින් ද, ආනයනික සහල් රුපියල් 45කින් සහ සීනි රුපියල් 25කින් පමණද, වෙළෙඳපළේ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල තොග මිල ගණන් සැලකිය යුතු අන්දමින්ද පහළ ගිය බවත්, එම මිල අඩුවීම සිල්ලර මිල ගණන් යටතේ සාමාන්‍ය ජනතාවට හිමි විය යුතු බවත් විශේෂයෙන් සඳහන් කළ ඇමැතිවරයා ඒ සඳහා පාරිභෝගික අධිකාරිය සමඟ එක්ව අවශ්‍ය පියවර ගන්නා බවද පැවැසීය.

සඳුනි ගමාරච්චි