ආණ්ඩුව හදන්නේ හිරගෙවල් තරුණයන්ගෙන් පුරවන්නයි

0
41

එළැඹෙන ‍ෙදාළොස් වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනය නිමිති කොටගෙන ආණ්ඩුව  රටේ හිරගෙවල් තරුණයන්ගෙන් පිරවීමට.

කටයුතු කරනවා දැයි යන්න සැකයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

මේ වන විට මේ රටේ පුරවැසි අරගලයේ යෙදුණු තරුණ පිරිස් දඩයම් කිරීම ආණ්ඩුව විසින් අරඹා ඇති බවත්, ගෝඨාගෝගම ඉදිකොට තිබූ පුස්තකාලයට සම්බන්ධ තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා ආණ්ඩුව පෙලැඹී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආණ්ඩුව විසින් සිදු කරනු ලබන  මේ මර්දනය සහ රාජ්‍ය ම්ලේච්ඡත්වය, සමගි ජන බලවේගයත්  සමගි ජන සන්ධානයත් තරයේ හෙළා දකින බවත්,   අබිරහස් ලෙස තරුණයන් අතුරුදන් කිරීම පිටුපස සිටින හස්තය කුමක් දැයි හෙළි කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

රාජ්‍ය මර්දනය නවතා දමා හදිසි නීතිය ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විසින් ඊයේ (9දා) පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවයේදී විපක්ෂ නායකවරයා මෙසේ කීය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන හදිසි නීතිය වහා අහෝසි කොට සාමාන්‍ය  නීතියට රට පත් කළ යුතු යැයිද ඔහු පැවැසීය.

සර්වපාක්ෂික රට ගොඩනඟන ඒකාබද්ධ වැඩසටහනට පාර්ලිමේන්තුවේ අලුතින්  ස්ථාපිත කළ යුතු විධායක කමිටු ක්‍රමයක් ස්ථාපිත කිරීම උදෙසා රජයට යෝජනා කිරීමට ඒකමතිකව තීන්දු කරන බවත් ඒ හරහා රට ගොඩනැඟීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ සහයෝගය ලබාදීමටද තීන්දු කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිර්මාණි ගුණරත්න