උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන අධ්‍යාපන ඇමති කියයි

1
2442

අගෝස්තු මස අවසන් වීමට පෙර 2021 උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සිදු කරමින් යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අද (අගෝ. 9) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ඔහු කළේ, පසුගිය මාසයේ රටේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් උසස් පෙළ සඳහා තිබූ ප්‍රයෝගික පරීක්ෂණ අවසන් කිරීමට නොහැකි වූ බව ය.

ලබන සතිය වන විට ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු අවසන් වන බව ත් ඉන් පසුව උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන බව ත් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරට ත් පැවසීය.

1 COMMENT

Comments are closed.