ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ දැනුම් දීමක්

7
2582

ගුවන් තොටුපොළේ හෝ භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතන හරහා තහනම් කළ භාණ්ඩ, ආනයනය සීමා කළ භාණ්ඩ, තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ හෝ වාණිජ ප්‍රමාණවලින් රැගෙන එන භාණ්ඩ සිය ගමන් මලු තුළ රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් සියලු ම ගුවන් මගීන්ට දැනුම් දෙයි.

රට තුළ පවතින විදේශ විනිමය ගැටලුව මත පසුගිය කාලය තුළ විවිධ අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව සීමා කර ඇත.

එලෙස සීමා කර තිබුණ ද පසුගිය කාලය තුළ ගුවන් මගීන් රැගෙන එනු ලබන ගමන් මලු සහ භාණ්ඩ ආනයනය කරනු ලබන විවිධ ආයතන හරහා එවනු ලබන ගමන් මලු තුළ එසේ ආනයනය සීමා කළ භාණ්ඩ රැගෙන ඒම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ.

එමෙන් ම ඇතැම් ගුවන් මගීන් රේගු ආඥා පනත සහ ආනයන අපනයන (පාලන ) පනත තුළ ඇති රෙගුලාසි උල්ලංඝණය කරමින් වාණිජ ප්‍රමාණවලින් ද භාණ්ඩ රැගෙන එන බව ද නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගු ආඥා පනත සහ ආනයන අපනයන ( පාලන ) පනතේ විධිවිධාන අනුව එලෙස නීතිවිරෝධි ලෙස රැගෙන එනු ලබන භාණ්ඩ රාජසන්තක කිරීමට හා ඊට අමතරව එම ගුවන් මගීන් හට දඩ නියම කිරීමට ද කටයුතු කරනු ලබන බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

7 COMMENTS

  1. අවුරුදු දෙකක් තුනක් දුක් විදලා දෙයක් අරන් යන මිනිස්සුන්ට හැම නීතියක්ම. රටේ ඉන්න පට්ට හොරු කන්ටේනර් පිටින් තහනම් බඩු ගේන්නේ. ඒකයි රටේ නීතිය .

    • ඔය කෙලින්න හදන්නෙ දරුවන්ට කන්ඩ ගෙන චොකලට් එක to පිය දරුවෙකුට සහෝදරයකුට ගෙන පෝන් එකක් ලැප්ටොප් එකක් යාලුවෙකුට ගේන්න විස්කි බෝතලයක් වගේ දුක් දුක්විඳලා අවුරුදු ගාණක් අරගෙන enaඑකටත් කෙලින්න හදන්නෙ….පිටරටින් සල්ලි එවන්න කියලා විදේශ විනිමය අපිට එවන්න කියලා උන්ටම aරින කාලකන්නි රටක් මේක..

  2. ඉන්න තරමක් ඉන්නේ පට්ට හොරු ලංකාවේඋන් ගෙන්නන්නේ තහනම් කරපු දේවල් කන්ටේනර් පිටින්ඒවට කිසිම නීතියක් නෑ හැම නීතියක්මතියෙන්නේ අහිංසක ෙ අහිංසක දුප්පත් මිනිස්සුන්ට අහිංසක දුප්පත් මිනිස්සු මිනිස්සුන්ට සාධාරණයක් කරපල්ලා කාලකන්නි පාලකයෝ

  3. මෙවා හෙන ගහන අපරාද දුක් ව්දලා අවුරුදු ගානකට පස්සෙ රටට යන අයට නිති දාන නිසා තමයි ඩොලර් අර්බුදයත් ඇතිවෙලා තියෙන්නෙ ම්නිස්සු කලකිරිලා ඉන්නෙ

  4. ලංකාව අමාරුවෙන් මේ තරමෙන් හරි රැකිල තියෙන්නෙ රට විරුවෝ නිසා. හරි නම් ඔවුන්ව දිරි ගන්වන්න ඕන පිට රෙදි උපයන මුදලෙන් බඩු අරගෙන එන්න. එතකොට ලංකාවට බරක් නැතිව යම් තරමකට හෝ සහනයක් ලැබෙන අතර රට විරුවන් දිරි ගැන්වීමක් ද වෙනවා. මේවට දැක්මක් ඇති නායකයෝ අවශ්‍ය යයි.

Comments are closed.