“පොහොට්ටුව රනිල්ට ඡන්දය දුන්නේ අත්හදා බැලීමකට”

0
264

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී තම පක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේ, අත්හදා බැලීමක් සිදු කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් පැවසීය.

එම අත්හදා බැලීම මේ වනවිට සාර්ථක වී ඇතැයි ද ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් අඩුවී බඩු මිල අඩුවී අද වන විට ජනතාවට යම් සහන හිමි වී ඇත්තේ එම අත්හදා බැලීම නිසා බව ද ඩී.බී. හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

මෙම අත්හදා බැලීම නිසා ඉදිරියේදී තවත් සහන මහ ජනතාවට හිමිවිය හැකි බව ද එම නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඔහු වැඩ කරන ආකාරය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බව ද ඩී.බී. හේරත් මන්ත්‍රීවරයා කීවේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (අගෝ. 8) එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේ ය.