පළාත් පාලන ආයතන කිහිපයක වෙනසක්

0
307

ප්‍රාදේශීය සභා 3ක් නගර සභා ලෙස ත්, නගර සභා 7ක් මහ නගර සභා ලෙස ත් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (අගෝ. 9) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඊට අදාළ යෝජනාව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව කළුතර, වවුනියාව, පුත්තලම, ත්‍රිකුණාමලය, මන්නාරම, කෑගල්ල සහ අම්පාර මහ නගර සභා ලෙස සහ කිලිනොච්චිය, මුලතිව් සහ මොණරාගල නගර සභා ලෙස නම් කර ඇත.

මේ අතර, බස්නාහිර පළාත තුළ ඇති වී තිබෙන වෙනස්කම් කඩිනමින් සැලකිල්ලට ගෙන නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා පිළිබඳ නිර්ණායක සකස් කරන ලෙස ට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරට ත් සඳහන් කළේ ය.