රනිල් මුණගැසීම ජවිපෙ අන්තිම මොහොතේ අත්හිටුවයි

0
198

ජනතා විමුක්ති පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර අද (අගෝ. 9) හමුවක් සිදු නොවන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයා වෙත ජ.වි.පෙ. විසින් සකසන ලද ලිඛිත යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් වාර්තා වේ.

ජනාධිපතිවරයා අද හමුවීමට ජ.වි.පෙ.ට දින කිහිපයකට පෙර ආරාධනාවක් ලැබී තිබිණි.

කෙසේ වෙතත් ඊට සහභාගි නොවීමට ජ.වි.පෙ. ඊයේ (අගෝ. 8) පස්වරුවේ තීරණය කර තිබේ.

සර්වපාක්ෂික ආණ්ඩුවකට අවශ්‍ය යෝජනා සහ රටේ පවතින දේශපාලන, ආර්ථික අර්බුදවලට යෝජනා ජ.වි.පෙ. ජනාධිපතිවරයා වෙත ඒ අනුව ලිඛිතව යොමු කරනු ඇත.