“OT වැඩි වන ලෙසට සේවා මුර හදාගෙන දුම්රියේ සමිති දෙකක් කෝටි 40කට ගහලා”

4
902

අතිකාල දීමනා ලබා ගැනීමේදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියැදුරු සංගමයේ හා නියාමකයන්ගේ සංගමය විසින් කරන ලද මූල්‍යමය වංචාවක් හේතුවෙන් රජයට රුපියල් කෝටි හතළිහකට අධික මුදලක් අහිමි වී ඇතැයි ජාතික විගණන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව, දුම්රිය රියැදුරු සංගමය විසින් රුපියල් විසිහතර කෝටි විසිහත් ලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය විසි හතරක් ද (24,27,74,624) දුම්රිය නියාමක සංගමය විසින් රුපියල් දාසය කෝටි හැටහය ලක්ෂ හැට තුන්දහස් දෙසිය පහළොවක් ද (16,66,63,215) වංචා සහගත ලෙස උපයනු ලැබ ඇතැයි විගණකාධිපති වාර්තා පෙන්වා දෙයි.

අදාළ වාර්තාව විගණකාධිපති 2021 වසරේ අගෝස්තු 11 දින දුම්රිය සාමාන්‍යාධිකාරි වෙත යවා තිබේ.

අතිකාල දීමනා ලෙස අයුතු අයුරින් මෙම මූල්‍යමය වංචාව සිදු කොට ඇත්තේ 2019/2020 වසරවල බව අනාවරණය වේ.

ආයතන සංග්‍රහයට, මුදල් රෙගුලාසි හා චක්‍රලේඛවලට පටහැනිව අතිකාල දීමනා වෙනුවෙන් තමන්ට අවශ්‍ය පරිදි සේවා වාර සකස් කර ගැනීම හා සේවා මාරු කර මෙලෙස වංචනික ලෙස මුදල් උපයා ඇති බවට තොරතුරු අනාවරණය වේ.

ඒ අනුව, දුම්රිය ‍රියැදුරන්ගේ සංගමයේ නිලධාරියෙකු විසින් රුපියල් තුන් ලක්ෂ තිස්දෙදහස් හත්සිය විසිහයක් (3,32,726) අයුතු ලෙස උපයනු ලැබ ඇති බව අනාවරණය වේ.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ නිලධාරියෙකු විසින් 2021 අගෝස්තු මස පමණක් රුපියල් විසිතුන් දහස් දාසයක් (23,016) එසේ උපයනු ලැබ ඇති බව ත් රාජකාරිය පැහැර හැරීම, කෙටි ගමන් දුර ගමන් ලෙස යොදා ගනිමින් කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් ගැන ඔහුට චෝදනා එල්ල වී ඇත.

4 COMMENTS

  1. සමාජය අද මුහුණ දෙමින් තියෙන්නේ දැඩි ආර්ථික අර්බුදයකට , එය නිර්මාණය වන්නේම නිවරැදි ආර්ථික ප්‍රතිපත්ති නොමැතිව , දේශපාලකයන් හා නිළධාරින්ගේ කළමනාකරණ නොහැකියාව , වංචාව , දුෂණය , සොරකම මතයි.
    වෘත්තීය සමිති ද මේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ කොටස් කරවන්මය .
    විප්ලවාදී Cope කමිටු සභාපතිවරුන් වෘත්තීය සමිති මගඩි මෙනවින් ආරක්ෂා කළ අතර , චරිත හේරත් හැකි උපරිමයෙන් ස්වාධීනව සියල්ල හෙළිදරව් කරන්න හොඳින් උත්සාහ කළහ.

  2. ඒක තමා කියන්නේ රාජ්‍ය සේවයේ බහුතරයක් හොරු කපටි වංචාකාරයෝ ඒකෙන් රාජ්‍ය සේවයේ හරියට වැඩක් කරන එකාටත් තැනක් නැ
    උන් රකින්නෙ වෘත්තීය සමිති කියා ගන්නා හැමදේම කඩාකප්පල් කරන ගොබ්බයෝ ට්ක

Comments are closed.