සර්වපාක්ෂික ටෙලිනාට්‍යයකට එකඟ වෙන්න බැහැ

0
37

පාර්ලිමේන්තුව හරහා බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් ගොඩනඟමින් රට ව්‍යසනයෙන්. ගලවා ගැනීමට කැප විය යුතු බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. සර්වපාක්ෂිකව එකට එක්වූ බව නාමිකව ලෝකයට පෙන්වන්නට කරනු ලබන ටෙලිනාට්‍යයකට තමන් කිසිසේත් එකඟ නොවන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විධායකයද ශක්තිමත් බලතල සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් හරහා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම රට ගොඩනැඟීම වෙනුවෙන් බලවත් කටයුත්තකට දායක විය හැකි බවද ඔහු කීය.

රට බරපතළ ව්‍යසනයකට වැටී ඇති මොහොතේ  සියලු දෙනාගේම අරමුණ වන්නේ එකට එක්ව සර්වපාක්ෂිකව මේ රට ගොඩනඟා ගැනීම බවත්, එහෙත් අද වනවිටත් මේ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට රජය කටයුතු කර ඇති බවත් හෙතෙම ඊයේ (08දා) ජාතික ප්‍රතිසංස්කරණ සඳහා වූ වැඩපිළිවෙළ සැකසීමේ කමිටුව සමඟ පැවැති සාකච්ඡාවේදී පැවැසීය.

රටේ ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයකට ආධාර සහ පෝෂණ ශක්තිය අවශ්‍යව තිබෙන බවත්, එකී පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මුදල පවා රටේ නැති තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

නිර්මාණි ගුණරත්න