කතරගම දේවාලයේ ගිනි පෑගීමේ උළෙල අරඹයි

0
34

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන ගිනි පෑගීමේ උත්සවය ඊයේ (8දා) ආරම්භ විය. ඊයේ උදෑසන 9ට කතරගම පුදබිමේ පිහිටි වල්ලි අම්මා දේවාලයේ ගිනි පෑගීමේ උත්සවය පැවැත්විණි. බැතිමත්තු 100 දෙනෙක් පමණ ගිනි පෑගීම සඳහා එක්ව සිටියහ. මෙම අවස්ථාව සඳහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාද එක් වී සිටියේය.

අද (9දා) උදෑසන 4ට මහා ගිනිමැළය තරණය කිරීමට නියමිතය. බැතිමතුන් 300ක් ඉක්ම වූ පිරිසක් මෙවර ගිනි පෑගීම සඳහා පේවී සිටිති. කතරගම දේවාලයේ 12 වැනි පෙරහර මංලග්‍යය අද (9දා) රාත්‍රි වීදි සංචාරය කරයි. අවසන් මහා පෙරහර 11 වැනිදා සිදු කර 12 වැනිදා මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් පෙරහර නිමාවට පත් වේ.

කතරගම – සන්දිම දේවප්‍රිය