ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ සාමාජිකයින් පත් කර තිබේ.
මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, එම අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු, හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා ඇතුළු සාමාජිකයින් අට දෙනෙකු මෙම කමිටුවට නම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.
අදාළ කමිටුව මසක් ඇතුළත විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමග ප්රතිව්යුයූහගත කිරීමේ යෝජනා ලබා දීමට නියමිත ය.