පොලිස් ස්ථානයක් තුළදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

0
262

නවගමුව පොලිස් ස්ථානයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, කාන්තාවක විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අද (අගෝ. 7) පෙරවරුවේ විභාග කරමින් සිටින අතරතුර මෙම ඝාතනය සිදු වී ඇති බව ය.

එහිදී වගඋත්තරකරු සහ තව ත් පුද්ගලයෙකු පැමිණ ඇති බව ත් එම පුද්ගලයා විසින් වගඋත්තරකරුට මෙලෙස පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

පිහි ඇනුමෙන් මිය ගොස් ඇත්තේ, 52 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.