ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට තවත් සමාගම්

1
968

ඛණිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ඔහු සඳහන් කළේ, ඊයේ (අගෝ. 5) අදාළ කමිටුව පත් කළ බව ය.

ඒ අනුව, ඉදිරියේදී සිපෙට්කෝ සහ ලංකා IOC සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව හිමිවන බව ද අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර තිබේ.

1 COMMENT

  1. Please increase the quota as per the QR code to at least minimum 10 litres Petrol twice per week for Tuks due to present crisis. As hiring vehicles grant permission for Tuks to receive the said quota from any Petrol Station or else they could get stranded on a hire.

Comments are closed.