“සර්ව පාක්ෂික සාකච්ඡා සාර්ථකයි”

0
127

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සඳහා ජනාධිපතිවරයා සමග පැවති පළමු සාකච්ඡාව සාර්ථක බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

එමෙන් ම ඉතා ඉක්මනින් අවසන් තීන්දුවකට පැමිණෙන බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡාවක් සඳහා එළඹෙන අඟහරුවාදා දින ද ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ද ඔහු කිය.

එමෙන් ම, අරගලය යෙදුන අරගලකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන මර්දනය නැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළ අතර ඒ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධානය යොමු කරන බව ද ප්‍රකාශ කළා යැයි හෙතෙම ප්‍රකාශ කළේ ය.

“දේශපාලනයේ සදාකාලික මිතුරොත් නෑ. සදාකාලික හතුරොත් නෑ. සාකච්ඡාව සාර්ථකයි. එය හොඳ ආරම්භයක්,” යැයි ද මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here