වෘත්තීය සමිති නායකයන් හෝ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුවට රටේ ප්රශ්න විසඳිය හැකි “සූත්රයක්” තිබේදැයි ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක ආණ්ඩුවෙන් විමසයි.
අනුර කුමාර දිසානායක මන්ත්රීවරයා ‘ඉරිදා මව්බිම’ට සඳහන් කළේ, වෘත්තීය සමිති නායකයන් දවස් කිහිපයකට හෝ සිරගත කර ආණ්ඩුවට කිසිදු ප්රශ්නයක් විසඳිය නොහැකි බව තම පක්ෂය ඉතා හොඳින් දන්නා බව ය.
එම නිසා මුලින් ම වෘත්තීය සමිති නායකයන් සහ අරගලකරුවන්ට කරන මර්දනය නවතා තෙල්, ගෑස්, ආහාර, ඖෂධ අර්බුදවලට දිය හැකි විසඳුම් කවරේ ද යන්න ඉදිරිපත් කළහොත් ආණ්ඩුවට යම් දෙයක් රට වෙනුවෙන් කළ හැකි බව ද මන්ත්රීවරයා පැවසීය.
ජනතාව මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරියේදීත් විසඳුම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් බව ආණ්ඩුව විසින් ම හොඳින් දන්නා බවත් ජනතාවගෙන් නැගෙන විරෝධතාවන් රැලි පිට රැලි නගමින් ඉදිරියට ද නැගෙන බව ත් ඔවුන් දන්නා බව ඔහු පැවසීය.
එම නිසා විරෝධතාකරුවන් බියවද්දා රට පාලනය කිරීම ප්රායෝගික නොවන බව ද ඔහු සඳහන් කළේ ය.
වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම, උද්ඝෝෂණවලට සීමා දැමීම් මගින් සමාජය භීතියට පත් කිරීම පමණක් ආණ්ඩුවේ එක ම පරමාර්ථය බව ත් මෙම මර්දන ක්රියා නතර නොකළහොත් ආණ්ඩුවේ ඉලක්ක කිසිසේත් ම සපුරා ගත නොහැකි බව ත් හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේ ය.
RATE GATALU WISADANA OYALAGE SUTHTHARE KIYANDA PULUWANDA.??? RATA INNA AYA EWANA SALLI WALIN WAGE TIN TIN LAGE GON UTHTHARA NOWE.
Comments are closed.