Brad Pitt ගොඩ වුණ David Leitchගේ Bullet Train එක

0
149

සිනමාව කියන්නේ කාලෙන් කාලෙට අපේ රසිකයන්වත් අප්ඩේට් කරන වගේම සමහර වෙලාවට රසිකයන්ට උන්මාදයක් ඇති කරවන්නත් පුළුවන් වෙන කලාවක්. ඉතින් මේ විදිහට ගලාගෙන යන සිනමාව එහෙමත් නැත්නම් ෆිල්ම්ස් තෝරා බේරා ගෙන බලන්න වගේම ඕනිම රහකට එය ෆිල්ම් එකක් රසවිඳින ප්‍රේක්ෂකයොත් ඕනෑ තරම් අපට හමුවෙනවා.  ඔන්න අද අපි කියන්න යන්නෙත් මේ අවුරුද්දෙ ළඟදීම තවත් අලුත්ම රහකට එන ෆිල්ම් එකක් ගැනයි. ඒ තමයි Bullet Train Movie එක. මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේදී තිරගත වන්නට තිබුණත් විවිධ හේතු මත කල් ගිහින් තිබුණත් අගොස්තු 05 රිලීස් වුණා.

ෆිල්ම් එක ගැන කතා කළොත් බුලට් ට්‍රේන් කියන්නේ English Movie  එකක්. ඇමරිකානු සිනමා අධ්‍යක්ෂවරයෙක් වන David Leitch ගේ අධ්‍යක්ෂණයෙන් තමයි සිනමාපටය එළිදැක්වෙන්නේ. ඉතින් මේ Bullet Train Movie එකේ කතාවට මුල් වෙලා තියෙන්නේ ජපන් ජාතික Kotaro Isaka ගේ 2010 රචනා කළ Maria Beetle කියන නවකතාවයි. ඇක්ෂන් සහ කොමඩි කියන කැටගරි එකෙන් තමයි මේ ෆිල්ම් එක එන්නේ. Brad Pitt, Joey King යන සුප්‍රකට ශිල්පීන් මෙහිදී රංගනයෙන් දායක වෙනවා.

Bullet Train කියන්නේ ලෝකයේ අධීවේගීම දුම්රිය විශේෂයක්. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 200 ඉඳන් 500ක් වගේ වේගයකින් ධාවනය වෙනවා. මෙම සිනමාපටයෙන් ප්‍රධාන වශයෙන්ම කියැවෙන්නේ එකිනෙකට වෙනස් අරමුණුවල සිටින ඝාතකයන්ගේ සිදුවීම් පෙළක් තමයි දැකගන්නට ලැබෙන්නේ.

ඉතින් මෙම දුම්රියක් හරහා යන ඔවුන් හා සම්බන්ධ සිද්ධීන් ඔස්සේ දිග හැරෙන මෙම සිනමාපටයේ දැනට නිකුත් කර ඇති ට්‍රේලර් එකද මේ වනවිට නැරඹුම් වාර මිලියන 19ක් පසුකර තිබෙනවා.

ඉතින් ඔන්න අපේ සිනමා රසිකයන්ටත් ළඟදීම මේ සිනමා පටයේ රසවිඳින්නට අවස්ථාව ලැබෙනවා.

ඩල්ෂිකා උමයංගනී