අත් පා ලණුවකින් බැඳ දැමූ නාඳුනන පිරිමි මළ සිරුරක් දික්ඕවිට මුහුදු තීරයේ

0
190

වත්තල, දික්ඕවිට වාරයේ උතුරු පර්යන්තය අසල මුහුදු තීරයේ පාවෙමින් තිබියදී පිරිමි මළ සිරුරක් හමු වී තිබේ.

පොලිසි සඳහන් කළේ, ඊයේ (අගෝ. 5) උදෑසන එම මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක් ඇති බවට වත්තල පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ය.

මරණකරු වයස අවුරුදු 35-40 අතර වයසේ පසුවන උස අඩි 5යි අඟල් 8ක් පමණ වන පුද්ගලයෙකු වන අතර කළු පැහැති කොට කලිසමක් සහ නිල් පැහැති කමිසයක් ඇඳ සිට තිබේ.

එමෙන් ම, මරණකරු කළු පැහැති ගලක් අල්ලන ලද රිදී මුද්දක් පැළඳ සිට ඇති අතර පොලිසිය සඳහන් කළේ, සැකකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව ය.

මෘත ශරීරයේ හිස දෙසින් සහ කකුල් දෙසින් පොහොර උර දෙකක් බහා අත් පා ලණුවකින් ගැට ගසා තිබී ඇත.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද (අගෝ. 6) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.