හදිසියේම පාත් වූ රනිල්ගේ රාජයෝගය ගැන ජේ‍යාතිෂවේදීන්ගෙන් විග්‍රහයක්

0
111

2025න් පසුත් ජනපති වීම ස්ථිරයි

වර්තමාන ජනාධිපතිතුමා 1949 මාර්තු මස 24 වැනි බ්‍රහස්පතින්දා මීන ලග්නයෙන් උපත ලබා ඇත.

රවි, කුජ, සිකුරු ලග්නගතව පිහිටා ඇත. ලග්නාධිපති ගුරු 5 අධිපති සඳු සමඟ නීච රාශිගතව 11 වැන්නේ තැම්පත්ය. 11 අධිපති සෙනසුරු 6 වැන්නේය. ඒ අනුව ගුරු සහ ශනිට සප්තම දෘෂ්ටිය පවතී. 3 සහ 8 අධිපති සිකුරු උච්ච බලයෙන් ලග්න ගත වීම තුළ මාලවී නම් රාජ යෝගය පවතී.

කවුරු මොනවා කිව්වත් රාජයෝග පවතින බලවත් කේන්දරයක් බව නම් පැහැදිලිය අවස්ථා ගණනාවකදී අග්‍රාමාත්‍ය පදවිය දැරීමට පවා වාසනාව පැවැතුණි.

රාජ යෝග පැවැතියත් අවස්ථා ගණනාවක නායකත්වය නොලැබ පරාජය වීමත් අතට ගත්ත දේ කටට දාගන්න තරම් වාසනාව ගිලිහී යෑමත් මෙතුමාට උරුම දෙයක්. වර්ෂ 19ක් පැවැති සෙනසුරු මහ දශාව තුළ මෙතුමාට කරදර බාධකවලින් අඩුවක් නොවීය. සෙනසුරු මහ දශාව 2019 අග භාගය දක්වා පැවැතිණි. දැනට ගෙවන්නේ වර්ෂ 17ක් පවතින 4 සහ 7 අධිපති බුධ මහ දශාවයි. බුධ මහ දශාව ලැබෙනවාත් සමඟ මෙතුමාගේ පෙර පින් මතුවීමට පටන් ගත්තේය.

උත්පත්ති කේන්දරයේ බුධ 12 වැන්නේ තැම්පත්ය. එසේම කේතු 8 වැන්නේය. 8 වැන්නේ කේතු සිටීම තුළ සැඟවුණු දේ උලුප්පා තබයි. බුධ 12 වැන්නේ මෙන්ම කේතු 8 වැන්නේ සිටීම තුළ පෙර පින වගේම වාසනාව මතු කිරීමට මූලික විය.

මෙම කාලය තුළ මෙතුමා ගෙවන්නේ බුධ මහ දශාවේ කේතු අතුරු දශාවය. මෙම කාලය ඉදිරියට 2023-02-16 දක්වා පවතියි. දෛවෝපගත සිදුවීමක් විධියට මෙම කාලය තුළ රාහු 2 වැන්නේ කේතු 8 වැන්නේ ගෝචර වීමත් 4 සහ 7 අධිපති බුධ මහ දශාව ගෙවීම තුළ උත්පත්ති කේන්දරයේ බලය තුළ පෙර පින් වාසනාව පෑදුණි. බුධ මහ දශාවේ කේතු අතුරු දශාව තුළ අග්‍රාමාත්‍ය පදවියෙන් පිදුම් ලැබීමත් වැඩබලන ජනාධිපති හැටියට පත්වීමත් සිදුවිය.

කෙසේ නමුත් ජනාධිපති පදවිය තුළ තරගයක් ඇති විය. ඒ සඳහා වර්තමාන ජනාධිපතිතුමා මෙන්ම කටක ලග්නයෙන් උපන් ඩලස් අහප්පෙරුම මහතා ඉදිරිපත් විය. ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වඩා රාජ යෝග බලයෙන් ඩලස් මැතිතුමාගේ කේන්දරය බලවත් බව පැහැදිලිය. ඇයි එසේ නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයග්‍රහණය ලැබුණේ.

ලොතරැයි වැනි හදිසි ධන ලාභ ලැබීමට වාසනාව තිබිය යුතුමය. ඒ වගේම පෙර පින මතුවිය යුතුමය. එයට පෙර පින මතුවීමට පසුබිම සැලසිය යුතුය.

මෙතුමාට එම පෙර පින පෑදුණේ ජනාධිපති තෝරා ගත් දින පැවැති ග්‍රහ තත්ත්වය මතය.

ජූලි 20 බදාදා දිනයකි. බුධට අයත් රේවතී නැකැත පවතින එතුමාට මෙම කාලය තුළ ගෙවන්නේ  බුධ මහ දශාවේ කේතු අතුරු දශාවයි. බුධ ගෝචර වූයේ පුණ්‍යස්ථාන ගතවයි. උත්පත්ති බලයට සමානව රාහු 2 වැන්නේත්, කේතු 8 වැන්නේත් ගෝචර විය. මෙදින පැවැති තත්කාල බලය තුළ මෙතුමාගේ පෙර පින් මතුවීම තුළ ජනාධිපති පදවියට පත්විය. මෙයට මූලික වූයේ බුධගේ බලය වගේම සැඟවුණ දේ උලුප්පා දෙන කේතු බව පැහැදිලිය.

මෙතුමා මේ කාලය තුළ ගෙවමින් සිටියේ බුධ මහ දශාවේ කේතු අතුරු දශාව බැවින් වාසනාව ඉක්මන් විය.

කෙසේ නමුත් මෙතුමා ගෙවන්නේ මෙම කාලය තුළ ජන්ම ඒරාෂ්ටක අපල කාලයකි. විශේෂත්වය සැප්තැම්බර් _ ඔක්තෝබර් කාලය වඩාත් පරිස්සම් විය යුතුය. රාජකාරි මට්ටමෙන් සෑහෙන බාධා ඇති කරයි. මොන කරදර  බාධක මැද වුවත් ඉවසීමෙන් බුද්ධිමත්ව 2023 ජනවාරි දක්වා කාලය කටයුතු කළ යුතුය.

සතුරු බාධක වගේම ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම වැදගත්ය.

2023 ජනවාරිවලින් පසු දැනට පවතින බාධක කරදර අවදානම් තත්ත්වය අවම වේ. දැනට පවතින අරගල තත්ත්වයට 2023 අප්‍රේල් දක්වා මුහුණ දීමට සිදුවේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් 2023න් පසු රට ක්‍රමයෙන් ඉදිරියට යනු ඇත.

ලැබුණු වාසනාව රඳවා ගැනීමට නම් ශාපලත් රාජපක්ෂලාගෙන් අෑත් විය යුතුමය. හොරුන් ආරක්ෂා නොකර නීතිය හරි හැටි ක්‍රියාත්මක කර දුකෙන් පෙළෙන ජනතාව මුදාගත යුතුය. එවිට ජනතාවගේ ආකර්ෂණය ලබා 2025න් පසුත් ජනාධිපති වීම ස්ථීරය.

ප්‍රවීණ ජේ‍යාතිෂවේදී

එස්.ජේ. සමරකෝන්

උපන් ග්‍රහචාරය අනුව දිගු කලක් තනතුරක රැඳෙන්න බෑ

රනිල් වික්‍රමසිංහ මහතා අප රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැවැන්ත චරිතයකි. එතුමාට දේශපාලනය පිළිබඳව ඇති පරිණතභාවය අන් කිසිවකුටත් නැති තරම්ය. පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය අන්ත පරාජයකට පත් වුවත් අහම්බෙන් එක් මන්ත්‍රිවරයකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලැබිණි. ජනවරමක් නොමැතිව පාර්ලිමේන්තුවට පිවිසි වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා ලෙසට පත්වීම පුදුමයට පත්වෙන විස්මිත ක්‍රියාවකි. මෙවැනි සිදුවීමක් අප රටේ ඉතිහාසය තුළ කිසිමදාක සිදුවී නැත. රනිල් මහතා ජනාධිපතිවරයා වීමට හේතු වූයේ ගෝඨාභය මහතාගේ දුර්වල පාලනයයි. රාජයෝග නොමැති අයකුට රටේ රජකු ලෙස කටයුතු කිරීමට විශ්වයේ ශක්තියක් ලැබෙන්නේ නැත. උෟරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල් වගේ පොහොට්ටුව බලයට එන්න කැප කරපු කැපකිරීම අද භුක්ති විඳින්නේ රනිල් මහතායි. මෙය පොහොට්ටුවේ විනාශයේ ආරම්භය වන්නට පුළුවන.

රනිල් මහතාගේ උප්පත්ති ග්‍රහචාරය විමර්ශනය කරන විටදී ප්‍රබල රාජයෝගයක් ලග්නය තුළ පිහිටා ඇත. මීන ලග්න හිමි එතුමාගේ ලග්නය තුළ සිකුරු උච්ච වීම මහෞෂධ යෝගය වගේම මාලවි යෝගයයි. මෙම යෝගය ඇති තැනැත්තා පිරිසක් අතර ජනප්‍රිය වන ඉතා වාසනාවන්ත යෝගයකි. යෝගකාරක අඟහරු රාජ්‍ය කාරක රවි සමඟ ලග්නයේ සිටීම නොබියව අභියෝගවලට මුහුණදීමයි. කෙසේ නමුත් එතුමාට සෙනසුරු ඉතාම නරකයි. සතුරු රාශියකට සතුරු කාරක ස්ථානය තුළ වක්‍රව සිටීම ප්‍රබල සතුරු බලපෑමක් එල්ලවීමයි. ගුරු සඳු එකතු වීම ගජකේශර යෝගයයි. ගුරු නීචව සිටීම එම යෝගයේ ප්‍රතිඵල අවම කරයි.

එතුමාට රටේ ජනතාවගේ ඡන්ද බලයකින් රටේ ජනාධිපති වීමට වාසනා බලයක් නැත.

ඉදිරියටත් කොපමණ උත්සාහ කළත් ජනතා පරමාධිපත්‍ය බලයෙන් ජනාධිපති වීමට ග්‍රහ බලයක් නැති බව කිව හැකිය. වර්තමානය තුළ එතුමා ගත කරන්නේ බුධ මහ දශාව තුළ කේතු අතුරු දශාවයි. ගතකරන දශාපල නම් ඉතාම අසුබයි. ජන්ම ඒරාෂ්ටක අපලයක්ද ගත කරයි. එතුමා එතුමාගේ ආරක්‍ෂාව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.

කෙනකුට හොඳට වගේම නරකටත් තනතුරු ලැබෙයි. ගෝඨාභය මහතාට ජනාධිපති තනතුර ලැබුණේ නරකටය. එතුමාට ජනතා අප්‍රසාදය වගේම උන් හිටි තැන පවා අහිමි වීමට හේතු වූයේ ජනාධිපති තනතුර ලබපු නිසයි.

රනිල් මහතාටද ජනාධිපති තනතුර ලැබුණේද නරකටය. එතුමාට ඉදිරියේදී දැඩි පීඩාකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙයි. රනිල් මහතාගේ උපන් ග්‍රහචාරය අනුව එතුමාට දීර්ඝ කාලයක් තනතුරක සිටීමට නොහැකිය. දැඩි කැපකිරීමක් කරමින් රට ස්ථාවර තත්ත්වයකට ගෙනෙන විටද බලය අතහැරීමට සිදු වූ අවස්ථාවන් මීට ඉහතදීද දැකගැනීමට ලැබිණි. මෙවර එතුමා නොසිතූ ආකාරයට ජනාධිපති වුවත් ලැබුණේ රජ ඔටුන්නක් නොව කටු ඔටුන්නකි. පසුගිය ජූලි 21 වැනිදා එතුමා දිවුරුම් දුන් අවස්ථාව තුළ තත්කාල ග්‍රහ පිහිටීම ඉතාම අසුබයි. තත්කාලයේ කන්‍යා රාශිය උදාව සඳු, අඟහරු, රාහු අටවැන්න තුළ ගෝචර වීම අසුබ පිහිටීමකි. අඟහරු හා රාහුගේ ගිනිකාරක බව සඳුට රෝපණය කරයි. එතුමා දිවුරුම් දී පැය 24ක් යන්නට මත්තෙන් අරගලයට එල්ල වූ ප්‍රහාරය තුළින්ද එය මනාව පෙන්නුම් කෙරිණි. කොහොම වුණත් එතුමා ඉදිරියේදී දැඩි අපහසුතාවන්ට පත්විය හැකිය. රට ස්ථාවර තත්ත්වයකට ගෙන යෑමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවකට යා යුතුමයි.

ප්‍රවීණ ජේ‍යාතිෂවේදී

සරත්චන්ද්‍ර බෝතලාගේ

විරුද්ධ පාර්ශ්ව ප්‍රබල වෙනවා

2019 වසරේ පැවැති ජනාධිපති මැතිවරණයද ඡන්දදායකයා යළිත් රැවටීමට ගොදුරු වූ අවස්ථාවකි. එහි අනිසි ප්‍රතිඵලවලට ලාංකේය ජනතාව තවමත් මුහුණ දෙමින් සිටිති. සිය ධුර කාලය අවසන් වීමට මත්තෙන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවූයේ ජනතා පරමාධිපත්‍ය බලය අවභාවිත වීමෙන් කෝපයට පත්වූ ජනතාව ඒකරාශි වී නැඟීසිටීම නිසාය. ගෝඨාභය ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට එම මොහොතේ අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා පත්වූයේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුවය.

රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේ දිවුරුම් දුන් අවස්ථාව පිළිබඳ ජේ‍යාතිෂමය සිද්ධාන්ත ඔස්සේ විග්‍රහ කිරීම මෙහි ප්‍රස්තූත අරමුණ වේ. එම මොහොතේ උදාවී තිබූ තත්කාල කේන්දරයේ උදා වී තිබූ නැකැත කේතු ග්‍රහයාට හිමිවූවකි. මෙම මොහොතේ ස¾දු ග්‍රහයා කුජ, රාහු සහ යුරේනස් යන ග්‍රහයන් සමඟ යෝග වී අටවැන්නේ ගමන් කළ අතර රාජ්‍යකාරක රවි ග්‍රහයා බුධ ග්‍රහයා සමඟ යෝග වී අයස්ථානය මෙන්ම බාධකස්ථානය ලෙස හඳුන්වන එකොළොස්වැන්නේ ගමන් කරන ලදී. මෙම පිහිටීම යහපත් යැයි පෙනී ගියත් එම භාවයට ලැබී ඇති ග්‍රහ දෘෂ්ටි අනුව යහපත් ප්‍රතිඵල අපේක්‍ෂා කළ නොහැකිය.

එකොළොස්වැනි භාවයට සෙනසුරු ග්‍රහයාගේ සප්තම දෘෂ්ටියත්, කුජ ග්‍රහයාගේ සිවුවැනි දෘෂ්ටියත් ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරුන් නොසන්සුන් බවට පත්වීම, පෞද්ගලික පළිගැනීම් සිදු කිරීම, දරුණු වාදභේද ඇති වීම වැනි කරුණු හේතුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉටුවිය යුතු නීතිරීති සම්පාදනය කිරීම පසුබෑමකට හසුවේ.

එමෙන්ම දිවුරුම්දුන් අවස්ථාවේ අටවැනි භාවයේ යෝගවී සිටි සඳු, කුජ, රාහු යන ග්‍රහයන් සමඟ එම භාවයේම යෝග වී සිටින යුරේනස් ග්‍රහයාගෙන් පීඩාවට පත් වීම මත ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කෙරෙහි මහජනතාවගේ අප්‍රසාදය ඇතිවීම සහ එම ආයතන අපකීර්තියට පත්වීමට හේතුවේ. ඊට අමතරව මෙවැනි ග්‍රහ බලපෑමක් පැවතීම නිසා රට තුළ හදිසි අනතුරු, අපරාධ සහ ක්‍ෂණික මරණ බහුල වීමට හේතුවේ. මෙම තත්කාල මොහොතේ කේතු දෙවැන්නේ ගමන් කිරීමෙන් සංචාරක කර්මාන්තයෙහි සහ රටේ ආදායම් තත්ත්වයෙහි ශුභවාදී වර්ධනයක් අපේක්‍ෂා කළ නොහැකිය.

මෙම කාලසීමාව ඇතුළත ලංකා කේන්‍දරයේ දෙවැන්නෙහිද ගුරු ග්‍රහයා නෙප්චූන් ග්‍රහයාගෙන් පීඩාවට පත් වීම හේතුවෙන් ජාතික මුදල් තත්ත්වය වර්ධනය කළ හැකි මාර්ග උදාකර ගැනීමට රජය අපොහොසත් වේ. ආණ්ඩුව නියෝජනය කරන දහවැනි භාවය අධිපති කුජ ග්‍රහයා 2022 අගෝස්තු ‍ෙදාළොස්වැනි දින සිට 2023 මාර්තු 14 දක්වා ලංකා කේන්‍දරයේ සිවුවැනි භාවයේ ගෝචර වීම මත ආණ්ඩුවට කරදර පීඩා ඇති වීමත් ස්වාභාවික විපත් වැඩි වීමත් විරුද්ධ පාර්ශවයන් ප්‍රබලත්වයට පත් වීමත් සිදුවේ. මේ තත්ත්වය යථාර්ථවාදී ලෙස හඳුනා නොගෙන කටයුතු කිරීමට පාලන තන්ත්‍රය යොමුවීමෙන් ජාත්‍යන්තර අත පෙවීම් තුළින් රාජ්‍ය අඩපණ වීමට 2022 ජූලි මස විසිඑක් වැනි දින ජනාධිපතිවරයා දිවුරුම් දුන් මෙහොතේ ග්‍රහ බලපෑම හේතුවන බැව් පෙනීයයි.

කිවිපති, ජේ‍යාතිර්වේදිනී

 කල්‍යාණී හේරත් මැණිකේ