‘විජේවීර – ගමනායක අරගලයක සැඟවුණු කතා’ ගමනායක බිරියට පිරිනමයි

0
70

‘විජේවීර _ ගමනායක අරගලයක සැඟවුණු කතා’ කෘතිය ගමනායක බිරිය කරුණා ගමනායක මහත්මිය වෙත පිළිගැන්වීම එහි කර්තෘ මාධ්‍යවේදී තිස්ස කොරතොට මහතා අතින් පසුගියදා ඇගේ රඹුක්කන, පරපේ පිහිටි නිවෙසේදී සිදු විය.

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ප්‍රමුඛතම සගයකු ලෙස අවසන් මොහොත දක්වා සිටි උපතිස්ස ගමනායක 1989 භීෂණ සමයේ බණ්ඩාරගම, මහවිල ‘ඩයස් මුදලාලි’ නමින් රහසිගත දේශපාලන ජීවිතයක් ගෙවමින් සිටියදී අත්අඩංගුවට පත්ව දිවි පිදීය. එම වකවානුවේ කෙසේ හෝ දිවි ගලවා ගෙන රටින් පිටවීමට සමත් වූ කරුණා ගමනායක මහත්මිය දැන් සිය දරු දෙදෙනා සමඟ පදිංචිව සිටින්නේ මහා බි්‍රතාන්‍යයේය.

1971 කැරැල්ලට පෙර කාලයේ පටන් ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ කරුණා ගමනායක සමඟ ‘83 පක්ෂ තහනම තුළ හා ‘89 භීෂණයෙන් පසු රටින් පලා යෑම දක්වා ගත කළ කාලය පිළිබඳ මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු රැගත් දිගු සම්මුඛ සාකච්ඡාවක්ද පිටු 300කින් යුත් මෙම ග්‍රන්ථයට ඇතුළත් වෙයි. මේ පිළිබඳ උනන්දුවක් දක්වන අයට 071 8183054 දුරකථනයෙන් කතුවරයා විමැසිය හැකිය.