වැදූගෙයි අලුත අම්මලා පත්වෙන මානසික අවුල මනෝ දිෂ්ටියක් ද?

0
4

යොවුන් වියට පා තබන ඕනෑම තරුණ තරුණියකගේ ඊළඟ බලාපොරොත්තුව නම් සුදුසු සහකරුවකු හෝ සහකාරියක් සමඟ විවාහ වී සැපවත් යුග ජීවිතයක් ගතකිරීමයි. එයිනුත් ප්‍රධාන සාධකයක් වනුයේ තම පවුලට අලුත් සාමාජිකයකු එනම් දරුවකු ලැබීමයි. කෙතරම් සැප සම්පත් තිබුණද දරුවකු නොමැතිව දුක්පීඩා විඳින අඹුසැමියන් සමාජය තුළ ඔබ දැක ඇතිවාට සැකයක් නැත. එයින් කියැවෙන්නේ පවුලක් සම්පූර්ණ වීමට දරුවකු ලැබීම කෙතරම් වැදගත්ද යන්නයි. දරුවකු ලැබීම මවුපියන්ට සතුටක් මෙන්ම අස්වැසිල්ලක්ද ගෙනදෙනු ලබන සංසිද්ධියකි. මෙහිදී වඩාත් සතුටට හා තෘප්තියට පත්වන්නේ කාන්තාවයි. එහෙත් දරු ප්‍රසූතියෙන් පසු සතුට වෙනුවට කලකිරීමට දුක්පීඩාවලට ලක්වන්නට සිදුවන්නේ නම් එය ඉතා අභාග්‍යසම්පන්න කාරණයකි. අලුත දරුවන් ලබන 05%ක් පමණ වූ මවුවරුන්ට මෙවැනි විවිධ තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමරි පවුලේ දෙවැනි දියණිය වූවාය. හොඳින් අධ්‍යාපනය ලද ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගුරුවරියක ලෙස සේවය කළාය. පසුව තම සේවා ස්ථානයේම සේවය කළ සුරංග නම් වූ ගුරුවරයකු සමඟ පෙමින් බැ¾දුණු ඇය මවුපිය ආශීර්වාදය මැද විවාහ වූවාය. මෙම නව යුවළ චමරිගේ මහගෙදරම පදිංචිව සිටියහ.

කාලය කෙමෙන් ගෙවී ගියේය. චමරිට දරුවකු පිළිසිඳ ගත් අතර ඇයට සැම දෙනාගේම ආදරය හා සැලකිල්ල නොඅඩුව ලැබිණි. චමරි ඉතා සංසුන් කාර්යශූර තැනැත්තියකි. එනිසාම සැමියාගේ මවගේ පමණක් නොව අසල්වාසීන්ගේ සහයෝගයද ඇයට ලැබිණි.

කාලය කෙමෙන් ගෙවී ගියේය. දරු ප්‍රසූතිය ආසන්න වෙද්දී චමරිට මෙම නව අත්දැකීම පිළිබඳව යම් චකිතයක් සිත තුළට ගලා එන්නට විය. දරුවා බිහි කිරීමට ඇයට යම් බියක් දැනිණි. නිසි දිනට රෝහල් ගතවූ චමරි ස්වාභාවික තත්ත්වය යටතේ නිරෝගී පිරිමි දරුවකු බිහි කළාය. දරුවාත් මවත් සුවෙන් සිටින බව වෛද්‍යවරු සහතික කළහ. දින දෙකකට පසු චමරි දරු පැටියාද සමඟ නිවෙසට පැමිණියාය. මුළු නිවෙසම සතුටින් පිරී ගියේය. එනමුත් චමරිට සිතූ තරම් සතුටක් ඇති බවක් පෙනෙන්නට නොවිණි. දරුවා බැලීමට පැමිණි නෑදෑයන් පවා විමසුවේ චමරි අසනීපව සිටිනවාද යන්නයි.

සති දෙක තුනක් ගතවිය. චමරිගේ තත්ත්වය නරක අතට හැරිණි. ඇගේ සිතට සතුටක් නැත. කාර්යශූරභාවය ඇගෙන් අෑත්ව ගොසිනි. ප්‍රියමනාපභාවය ද අඩු වී ඇගේ මුහුණ අ¾දුරු වී තිබිණි. ඇයට හේතුවක් නොමැතිවම ඇඬෙන්නට විය. ඇගේ පිරිසුදුකමද ක්‍රම ක්‍රමයෙන් අෑත්ව යන බවක් පෙනෙන්නට විය.

සැමියාගේත් මවගේත් උදවු ඇතිව දරුවාගේ හා චමරිගේ වැඩ කටයුතු ටික කෙරිණි. තත්ත්වය තවත් උග්‍ර වූයේ චමරි සැමියා හා අම්මා සමඟ නිතර නිතර ආවේගශීලී වී ගැටුම් ඇතිකර ගැනීමත් සමඟය. සැමියා හා මව දරුවා කෙරෙහි දක්වන උදවු පදව්වල වැරදි පෙන්වා දෙමින් ඇය නිතරම ගැටුම් ඇතිකර ගත්තාය. දරුවාගේ වැඩකටයුතු ද ටිකෙන් ටික අතපසු වන්නට විය. ඇය බොහෝවිට බලාගත් අත බලාගෙන කාලය ගත කරන්නට වූවාය. කිසිදු වැඩක් කිරීමට ඇයට ශක්තියක් නොමැති තත්ත්වයට පත්විය. දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේද ඇය දරුවා දෙස බලමින් නොනිදා සිටින්නට විය.

චමරිගේ මෙම වෙනස්වීම සැමියාට මෙන්ම ඇගේ මවටද ප්‍රහේලිකාවක් විය. අසරණ වූ ඔවුන් වැඩිහිටියන්ගෙන් හා අසල්වාසීන්ගෙන් උපදෙස් පැතූහ. මෙවැනි අවස්ථාවකදී දන්නා අය මෙන්ම නොදන්නා අයද උපදෙස් හා තම මත ප්‍රකාශ කිරීමට එක්වෙති. ඒ අනුව බොහෝ දෙනකුගේ අදහස වූයේ චමරිට වැදූ ගෙයි සන්නිය නම් භූත ‍ෙදා්ෂයක් ඇතිවී තිබෙන බවයි.

ලැබුණු තොරතුරු හා උපදෙස් මත චමරිගේ මව හා සැමියා වහා ක්‍රියාත්මක වී නොයෙකුත් ශාන්තිකර්ම හා ගුප්ත විද්‍යා කටයුතු වෙත යොමු විය. ඔවුන් වඩාත් කලබල වූයේ සමහරුන් පැවසූ යක්ෂ දිෂටියක සමහර ලක්ෂණ චමරිගේ හැසිරීම් රටාව තුළ ඔවුන් නිරීක්ෂණය වූ නිසයි. එනමුත් ඇදුරන් විසින් සිදු කරනු ලබන බොහෝ ශාන්තිකර්ම යන්ත්‍ර මන්ත්‍රවලින් පසුවද සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබිණි. තත්ත්වය තවත් බරපතළ කරමින් චමරි දරුවාට කිරිදීම පවා ප්‍රතික්ෂේප කළාය. මෙම පවුල කොතෙක් උගත් අය වුවද මෙම තත්ත්වයට නිසි විද්‍යාත්මක පිළිතුරක් කරා යොමු වූයේ නැත.

මෙම තත්ත්වය යටතේ එක් දිනක චමරි  සැමියා හා මව සමග මනෝචිකිත්සක යුදහමුදා විශාමික මේජර් සුසන්ත ද සිල්වා (072 7307581) වෙත පැමියේ මෙම පැනයට යම් සහනයක් ලබා ගැනීමේ අටියෙනි. මේ අය සමඟ කතාබහේදී හෙළිවූයේ චමරි කුඩා කල සිටම ඉතා විනීත සංසුන් හා ඉතා කුඩා ගැටලුවකදී පවා දැඩි ලෙස තැති ගන්නා කාන්තාවක් බවයි. විවාහ ජීවිතයේදීද එවැනි අවස්ථා තිබූ බව සැමියා පැහැදිලි කළේය. පාසල් වියේදී විභාගයකට පෙරද මෙවැනි ආතතිමය තත්ත්වයන් නිරීක්ෂණය වූ බව කරුණු පහදා දීමෙන් පසු චමරිගේ මව පැවසුවාය.

චමරිට කිසිදු භූත ‍ෙදා්ෂයක් නොමැත. ඇයට දැනෙන ආකාරයත්  පවුලේ අයගෙන් ලබාගත් තොරතුරු මතත් ඇය යම් මානසික ආතතියක (Psychological Stress) අවපීඩන (Mental Inbalance) තත්ත්වයක සිටින බව නිරීක්ෂණය විය. මෙම තත්ත්වය බටහිර විද්‍යාවට අනුව දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන ආතතිය / විෂාදය depression යනුවෙන් පැහැදිලිව හ¾දුනා ගත හැකිය. අතීතයේදී වැදූ ගෙයි සන්නිය යනුවෙන් හ¾දුනා ගත්තේද මෙම තත්ත්වයම බව පෙනීයයි.

විශේෂයෙන්ම සමහර මවවරුන්ට මෙම තත්ත්වය ඇතිවන්නේ පළමු දරු ප්‍රසූතියෙන් පසුවයි. එනමුත් සෑම දරු ප්‍රසූතියකින් පසුවම මෙම රෝගී තත්ත්වයට පත්වන කාන්තාවන්ද ලොව ඇත. මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම මානසිකව සිදුවන අතර ශාරීරිකවද බලපානු ලබයි.

මෙහිදී සිදුවන්නේ අනියත බියකින් වෙලීයාම  තමාට තම වගකීම් ඉටුකර ගැනීමට නොහැකි වේ යැයි සිතීම, තමා නොවැදගත් මවක් සේ හැඟීයාම  හේතුවක් නොමැතිවම සිතට දුක ගලා ඒම ආදී දුක්ඛදායක සිතුවිලි සමුදායන්ට ලක්වීමයි. මේ සමඟම ක¾දුළු කඩා හැලීම, නින්ද අක්‍රමවත් වීම,  ආහාර අඩුවෙන් හෝ වැඩියෙන් ගැනීම ආදිය මූලික ලක්ෂණ ලෙස දැකිය හැකිය. එසේම ආවේගශීලීවීම හා දරුවා ප්‍රතික්ෂේප කිරීම ආදී තත්ත්වයන්ට ද පත්වේ. දරු ප්‍රසූතියෙන් පසු කාන්තා ශරීරය තුළ සිදුවන හෝමෝනවල වෙනස්කම්ද මෙම තත්ත්වය ඇති වීමට මූලිකව බලපානු ලබයි. මෙම රෝග ලක්ෂණ සැමට පොදු නොවේ. නමුත් හ¾දුනා ගැනීම ඉතාම වැදගත් වනුයේ අනවශ්‍ය කරදරවලට ලක්වීමට සිදුවිය හැකි බැවිනි. චමරි වැනි ඉතා සංවේදී  කුඩා දෙයකටද කලබල වන  ආතතිමය රෝගී අතීතයක් සහිත කාන්තාවන් මෙවැනි තත්ත්වයන්ට ලක්වන අවස්ථා වැඩිය.

මෙම පශ්චාත් ප්‍රසව විෂාදය තත්ත්වයන්ට කාන්තාවන් ලක්වීමට බොහෝ හේතු බලපානු ලබයි. ඇයගේ අතීත ආතතිමය රෝගී තත්ත්වය,  පවුලෙන් ලැබෙන සහයෝගය අවමවීම, දුර්වල මානසික පෞරුෂය, සැමියා සමඟ ඇති ගැටුම්,  මත්ද්‍රව්‍ය ගන්නා සාමාජිකයන් නිවෙසේ සිටීම,  කුඩා කල තමා ලද අත්දැකීම් හා එල්බගෙන ඇති විශ්වාසයන්ද මෙයට බලපෑම් ඇති කරනු ලබයි. තවද ඉතා ළාබාල වියේදී මෙන්ම දරු ප්‍රසූතියකට මුහුණ දෙන විටද මෙම තත්ත්වයට ලක්වීමක් විශේෂයෙන්ම නිරීක්ෂණය වේ. පවුලේ අය දැනුවත් විය යුත්තේ දරු ප්‍රසූතියෙන් පසුව මෙවැනි රෝග ලක්ෂණ තිබේ. නම් ඒ බව හ¾දුනාගෙන සුදුසු උපදේශකවරයකුගේ හෝ මනෝ වෛද්‍යවරයකුගේ සහාය ලබා ගැනීමටයි.

උපදේශනය හා මනෝ චිකිත්සාව උපයෝගී කරගනිමින් චමරි වෙනුවෙන් ප්‍රතිකාර සැසිවාර කිහිපයක් පවත්වන ලදී. පවුලේ අයවද ඇය සමඟ ගත කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ලදී. කිසිදු ඔෟෂධ භාවිතයකින් තොරව චමරි මඳ කලකින් සුවපත් වූවාය.

ආචාර්ය ඩබ්ලිව්. කේ. කොළඹගේ