රනිල් ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග

0
17

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ‘ඉරිදා මව්බිම’ ට මේ විශේෂ විශ්ලේෂණය කළේ රෝහිත බෝගොල්ලාගම මහතායි. ඔහු හිටපු විදේශ කටයුතු ඇමැතිවරයෙකි. රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය භාර ගැනීමට සිදුවූ අවස්ථාවේ සිට රට ඉදිරියට ගෙන යෑමට මුහුණ දෙන්නට සිදුවන දුෂ්කරතා හා ජාත්‍යන්තරය සමඟ සුහදතාව ඇති කර ගැනීමේ භාරධූර කාර්යය, තරුණ ප්‍රජාවට හිමි තැන ලබාදීමට ගත යුතු ක්‍රියා මාර්ග ගැන ‘මව්බිම’ ට කළ විග්‍රහය මේ කෙටි ලිපියට පාදක විය. පහත පළවෙන්නේ දේශපාලන වශයෙන් ඔහු කළ විග්‍රහයයි.

හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයෙක් ලෙස රට බාරගන්නට සිදුවූ අවස්ථාව හා ඔහුට ඉටුකරන්නට සිදුවන කාර්යභාරයන් ගැන ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණු ගැන මූලික කරුණු හතරක් දක්වන්නට මම කැමැත්තෙමි. එම කරුණු හතර මෙසේයි.

* ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දකින පළමු කාරණය වන්නේ අස්ථාවර රටක් ස්ථාවර කිරීමයි.

* දෙවැනි කාරණය වන්නේ රටේ මොන ආකාරයේ ශක්තිමත් බලයක් තිබුණත් වෙනසක් ඇති කෙරුණේ තරුණ ප්‍රජාවගේ අරගලය නිසයි. අරගලය හඳුන්වා දිය යුත්තේ මොන විදිහටදැයි  කියා වගකීමක් යුතුකමක් තියෙනවා. අරගලයේ පැතිකඩ දෙකක් හොඳටම එළිදරව් වුණා. එක් පැත්තකින් එය නිර්මාණයක්, සාධකයක්. තවත් පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නිරූපණය කිරීමක්. ප්‍රචණ්ඩත්වය අරමුණු කරගත් ත්‍රස්ත පිරිසක් හා කඩාකප්පල්කාරී දේශපාලන අතකොළු පිරිසක් බවට පිළි ගැනීමයි. තුන්වන කාරණය වන්නේ රට දැන් තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න නම් එකමුතු වී එකම කණ්ඩායමක් ලෙස හවුලේ යන ගමනක අවශ්‍යතාව හා ‍ෙදාරටු විවෘත කිරීමේ අරමුණ. හතරවැනි අරමුණ ලෙස මා දකින්නේ කෙටිකාලීන විසඳුමක් නැත යන්නයි.

දීර්ඝකාලීන විසඳුමක් ලෙස රට ගොඩගැනීමට වසර 2048 ඉලක්ක කර ගත් සැලැස්මක් ක්‍රියාවට නැංවීම.

මේ කාරණා හතර මගේ සාකච්ඡාවට යොමුකර ගන්නේ. එයින් පළමුවැන්න අස්ථාවර රටක් ස්ථාවර කිරීම පිණිස බහු අපනයන ආර්ථිකයක් රටට හඳුන්වා දීමට ඔහු සැලසුම් කරනවා. එම ආර්ථිකය සැලසුම් කිරීමේදී දීර්ඝකාලීන සැලසුම් සකස් කළ යුතු බව වික්‍රමසිංහ ජනාධිපතිතුමා සඳහන් කළා. එයට අවශ්‍ය නීතිමය රාමුවක්, දෙස් විදෙස් ව්‍යාපාරික හා ආයෝජන ප්‍රජාවට ගැළපෙන ප්‍රතිපත්ති රාමුවක්, නොවෙනස්ව ඉදිරියේ බලයට එන රජයවල් තුළිනුත් ගෙනයෑමේ හැකියාව තහවුරු කරන න්‍යායපත්‍රයක් එළිදැක්වීමේ යෝග්‍යතාව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් මම දකිනවා. ආර්ථිකයක් ගොඩනැඟීමේදී පදාර්ථවයන්ගේ නීතියේ ආධිපත්‍යය හා ආයෝජකයන්ගේ සුබසිද්ධිය රැකෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමයි. මේ සඳහා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී රාජ්‍යතාන්ත්‍රික විශ්වාසය පලුදු නොවී රඳවා ගැනීමේ අවශ්‍යතාව ඉතා ඉහළින් සඳහන් කළේය.

ඔහු විසින් ගෙනහැර දැක්වූ එක් උදාහරණයක් වූයේ සැහැල්ලු දුම්රිය සම්බන්ධ ජපන් යෝජනාව පසුගිය රජය විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා ශ්‍රී ලංකා – ජපන් සම්බන්ධතාව නරක තත්ත්වයට පලුදු වූවායි යන නිදර්ශනයයි. ෂීසෝ අබේ හිටපු අගමැතිතුමාගෙන් ලැබුණු සහයෝගය කොපමණ දුරට පසුගිය රජය ප්‍රතික්‍ෂේප කිරීම නිසා සිදුවූ පාඩුව සමස්ත ජනතාවටම දරාගන්නට සිදුවන  බවත්, ජපන් අග්‍රාමාත්‍යවරයා අද ජීවතුන් අතර නොසිටියත් එදා පාර්ලිමේන්තුව තුළ පෞද්ගලිකව සංවේගය පළ කිරීම විශේෂ අරමුණක් ඇතිව කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකේ.

මෙය මම දකින්නේ දක්‍ෂ රාජ්‍යතාන්ත්‍රිකයකු විසින් ඉතාමත් සූක්‍ෂ්ම ලෙස ඉදිරි සම්බන්ධතා ගොඩනැඟීමට කරන ලද වෑයමක් ලෙසයි. ඉන්දියාව සමඟද එවැනිම විශේෂත්වයක් හා සබැඳියාවක් ලංකාවේ උත්තරීතරම ස්ථානයක සිට පිළිගැන්වීමෙන් හා ඒ හා සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඒකමතික එකඟතාව ප්‍රකාශ කිරීමෙන් දිල්ලි නුවරට ඉතාම සුවිශේෂී පණිවුඩයක් මේ තුළින් යවා ඇති බව මට පෙනී යනවා. ඉතා හුදකලාව ලෝකය තුළ තනිවූ, පරාජය වූ රටක් විදිහට පසුගිය වර්ෂය තුළදී ශ්‍රී ලංකාව ගමන් කළ මාර්ගය ක්‍ෂණිකව වෙනත් අතකට හැරවීමේ අවශ්‍යතාව එතුමා මෙහිදී සනිටුහන් කර ඇති බව පෙනේ.

වෙළෙඳපොළවල් ලබාගැනීමට නම්, අපනයන දියුණු වන්නට නම්, තාක්‍ෂණය අවශ්‍ය නම් ඒ හා සමගාමීව ප්‍රාග්ධනයක් ලබාගත යුතු බැවින් මෙය ලෝකය තුළ හඬනැඟීමේ අවශ්‍යතාව එතුමාගේ උපාය මාර්ගයක් විදිහට පෙනීයයි. මේ සඳහා ලංකාවේ ප්‍රතිසංස්කරණය හා ප්‍රතිව්‍යුහගත කළ යුතු රාජ්‍ය ව්‍යවසායකත්වය, දිරිගැන්විය යුතු පෞද්ගලික ආයෝජන මෙහිදී විශේෂ සඳහන් වීමකට ලක්වුණා. එයට සුදුසුම සාධකය විදිහට තරුණ ශ්‍රම බළකාය ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව වෙනස්විය යුතු සමාජයීය හා ආර්ථික න්‍යාය පත්‍රය ගැන විශේෂ යොමු කිරීමක් සිදු කළේය. එයට සමගාමීව තරුණ අපේක්‍ෂාවන්ට සරිලන වෙනස්කම් තිබීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. මේ අතර ජන සභා යාන්ත්‍රණය හඳුන්වා දීම මෙහි විශේෂත්වය ලෙස දකින්න පුළුවන. ජන සභා උපදේශකත්වය සමාජ යාන්ත්‍රණය සහ දේශපාලන ඉඩක් සැපැයීම මෙන්ම ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවන්ගේ මාර්ග උපදේශකත්වය මෙහෙයුම් මැදිරියක් ලෙස හඳුන්වන්න පුළුවන. මෙය ලංකා ඉතිහාසයේ පළමුවැනි වරට ව්‍යවස්ථානුකූලගත වන නව අත්දැකීමක් වන අතරම මෙතෙක් ජනතාවට දුරස්ව කෙරුණ රාජ්‍ය පාලනය පැත්තෙන් මහජනයාට හිතෛෂී ජනතාව වෙනුවෙන්ම සහ ජනතාව විසින්ම කෙරෙන ඍජු ක්‍රමවේදයක් විදිහට දකින්නට  පුළුවන. මෙහි සංයුතිය හා ක්‍රමවේදය ගැන ඉදිරිපත් කෙරෙන ක්‍රියාවලිය තුළින් ව්‍යූහගත කිරීම තුළින් පමණයි මෙය විශ්ලේෂණය කළ හැකි වන්නේ. එම නිසා ජන සභා සහ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ධුර කාලය සාර්ථකත්වය මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස ක්‍රියාත්මක වන වග මගේ විශ්වාසයයි.

එසේ නම් ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය වන මූලිකම අඩිතාලම ඉතාමත් ශක්තිමත්ව සහ අවංකවම තැබීමේ ඍජු වගකීම හා දායකත්වය වික්‍රමසිංහ නායකත්වය තුළ අන්තර්ගත වන අතර එය ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය ර¼දා පවතින්නේද විධායක ශක්තිය තුළින් බව අපට පෙනේ. ජනාධිපති වික්‍රමසිංහගේ ආරම්භය මෙය සුවිශේෂ ඓතිහාසික අවස්ථාවක සාර්ථක පෙර ගමනක ආරම්භයක් ලෙස සටහන් කළ යුතුය.

එකමුතු රජයක ඉලක්කය විය යුත්තේ ජනතාව පෙරටුවට තබන සහ ඔවුන්ගේ ජාතිමය අවශ්‍යතාව ඉදිරියට යන විදිහටත් අවු: 75කට ආසන්න කාලයක් තුළ ලබාදීමට නොහැකි වූ නිදහස් ආර්ථිකමය ශක්තිය සහ සම අවස්ථාව සමාජගත කිරීමය. ඒ ප්‍රධාන සිද්ධාන්තයක් විදිහට සමඟිය, සාධාරණත්වය සහ සෞභාග්‍යය අත්කරගත යුතුමය. මෙතෙක් කල් රට බෙදූ ජාති ආගම්භේද තුරන් විය යුතුය. ජනතාවගේ අගහිඟකම් තුළින් පටු දේශපාලන ඉලක්ක සපුරාගත් දේශපාලන සංස්කෘතිය මේ නිසාම අවසන් විය යුතුය.

මේ අවස්ථාව පාර්ලිමේන්තුවේ සිටින සෑම මන්ත්‍රිවරයකුටම ලැබෙන එම දේශපාලන පක්‍ෂවල නායකයන් වෙත ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවකි. මෙහි නියම අර්ථකථනය වන්නේ පක්‍ෂ මාරු කිරීමෙන් ගොඩනැඟෙන රජයකට වඩා තම පක්‍ෂයේම සිටගෙන ජාතිමය වශයෙන් රට වැටී සිටින ප්‍රපාතයෙන් ගොඩ ඒමට තමුන්ට ලබාදිය හැකි සහයෝගය සහ සම්බන්ධතාවන් පමණක් වන බවයි. පක්‍ෂවලට කොටුවී යම් යම් නායකයන්ගේ අතකොළු බවට පත්වී අදූරදර්ශී දේශපාලන ගමන් මාර්ගයක් අනුගමනය කිරීමට සිදුවුණද, පරාර්ථකාමී ලෙස රට පෙරට ගෙන යන මාර්ගයකට ප්‍රවේශවීමේ හැකියාව සැලසෙන වැඩපිළිවෙළක් ලෙස දැකිය හැකිය.

මෙවන් අවස්ථාවක හෝ පාර්ලිමේන්තුවේ සියලු කොටස්වලට එක්කාසු විය නොහැකි නම් ඉදිරි පරම්පරා වත්මන් ..?? මොනයම් චෝදනාවක් කරයිද. මෙය තවත් පැත්තකින් ලෝක සම්මත රටට සහනයක් කිරීමේ අවශ්‍යතාව පිළිබිඹු කරන නීතිමය සිද්ධාන්තයක් වන තධඹ ධට දඥඵඵඪඨ අවශ්‍යතාවයේ නීති යන නිර්වචනයට අනුකූල වන ක්‍රියාදාමයකි. වැරැදි තැනට ආගම ගෙන එනවා වෙනුවට ජනතාවගේ සංහිඳියාතාව වෙනුවට ආගම පාවිච්චි කළ යුතු අතර, එහි නියාමකත්වය ගොඩනැඟෙන නව සමාජයීය සංස්කෘතිකත්වය තුළින් සකස් වනු ඇත.

සම අවස්ථාවන් නොලැබීම නිසා වෙන දියුණු රටවල් හා සමඟ සන්සන්දනය කිරීමට නොහැකිය. එම රටවල්වල සුළු රැකියාවක් හෝ කිරීමට පෙරැත්ත දරන තරුණ පිරිස් සඳහා තම රට ගැන නව බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් ඇති විය හැකි රාජ්‍ය පාලන යාන්ත්‍රණයක් ගොඩනැඟීම මෙහි අදහස වනු ඇත. මෙය සාර්ථක කර ගැනීම විශාල අභියෝගයකි. නමුත් එවැනි නායකත්වයක් ජනතාව ජනාධිපති වික්‍රමසිංහගෙන් බලාපොරොත්තු වන්නේය.

තවත් පැතිකඩක් වනුයේ රාජ්‍ය පාලකයා හෝ ජනාධිපති දේවත්වයෙන් හෝ විශේෂ ගෞරවයකින් සැලකිය යුතු පුද්ගලයකු නොවන ලෙස සැලකීමටත් ඔහු ජනතාවගේ තවත් කෙනකු බව ජනතාව වෙත ඒත්තු ගැන්වීමට දරන උත්සාහයයි. පාලකයාත් ජනතාවත් ළං කරන ක්‍රමවේදයකි, කුසලතා පදනම්වූ අවස්ථාවන් ලබාදීම අලුත් සමාජයක මූලික අවශ්‍යතාවක් පමණක් නොව, ඒ සඳහා ප්‍රවේශයක් ලබාදීමටද කටයුතු කරනු ලබන බව මෙහි සඳහන් විණි. එය නොපිරිහෙළා ඉෂ්ට විය යුතු කාරණයක් බව එකහෙළාම අවධාරණය කරමි.

ඉතාමත්ම ජාතියේ තීරණාත්මක අවස්ථාවක නොසිතූ විදිහට ජනාධිපතිවරයෙක් ඉකුත් 20 වැනිදා රටට බිහිවිය. එම බිහිවීම ශ්‍රී ලංකාවේ දෛවයේ නිර්මාණයක් ලෙස සටහන් කළ යුතුය. එසේ වුවද අභියෝග ජය ගැනීම පෞද්ගලිකවම ජනාධිපති වික්‍රමසිංහගේ හැකියාව තුළ තීරණය වේ. අවසානය ජනාධිපතිට

භාරයි.

බෙනට් රූපසිංහ