මෙලොවදී සියදිව් නසා ගත්තොත් පරලොවදී කුමක් වෙයිද?

0
22

අල්ලාහ් කෙරෙහි බොරුව ගෙතූ කෙනා, නැතිනම් ඔහුගේ වැකි බොරු බව පැවැසූ කෙනාට වඩා මහා අපරාධකරුවා කවරෙක්ද? (ආරක්ෂා කරනු ලැබූ) ලේඛනයෙහි ඔවුනට යැයි නියම කරනු ලැබූ දේ ඔවුනට ලැබෙන්නේය.

 (මලාඉකාවරුන් වන) අපගේ දූතයෝ ඔවුන් හමුවට පැමිණ ඔවුන්(ගේ ප්‍රාණයන්)ව අත්පත් කරන විට, ‘අල්ලාහ්ව හැර ඔබලා (ප්‍රාර්ථනා කර) අඬගසමින් සිටි දේ කොහිදැ?’යි අසන්නෝය. (එයට) ඔවුහු, ‘ඔවුහු අපෙන් සැඟවී ගියහ’යි පවසන්නෝය. තවද නියතව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් ලෙසම සිටියහයි තමන්ට විරුද්ධව තමන්ම සාක්ෂි පවසන්නෝය. (කුර්ආනය. 7:37)

1). අල්ලාහ් කෙරෙහි බොරුව ගෙතීම නැතිනම් ඔහුගේ වැකි බොරු බව ප්‍රකාශ කිරීම මහා අපරාධයක් බව අල්ලාහ් ඉහත වැකියෙන් පවසනවා.

2). අල්ලාහ් හමුවෙහි ලේඛනයක් ඇත. එයට ආරක්ෂා කරනු ලැබූ ලේඛනය යැයි පවසනවා. එම ලේඛනයෙහි අඩංගු කිසිවක් මකා දැමීමට හෝ එහි අලුත් දෙයක් එක් කිරීමට හෝ කිසිවකුටත් නොහැකිය.

                මෙම ලේඛනයෙහි එක් එක් පුද්ගලයා මරණයට පත් වෙන තෙක් ඔහුට ලැබෙන ජීවන පහසුකම් (මිල මුදල්, වතු පිටි වැනි දේ) අල්ලාහ් තමාගේ බලය හා දැනුම උපයෝගී කර, කලින්ම සටහන් කර තබා ඇත.

                තමාව ප්‍රතික්ෂේප කළා යන හේතුව මත, ඔහුට ලැබීමට නියමිතව තිබෙන ජීවන පහසුකම්වලින් කිසිවක් අඩු නොකරන බව අල්ලාහ් මෙහි පවසනවා.

3). අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ පුද්ගලයා මරණයට පත් වෙන අවස්ථාවේදී, ඔබලා අල්ලාහ්ව හැර දමා, උපකාර පතා , දේවත්වයට පත් කරමින් ප්‍රාර්ථනා කරමින් සිටි ඔවුන් කොහිදැයි? මරණයට පත් වෙන අවස්ථාවේදී එම දේව දූතයන් ඔවුන්ගෙන් විමසන බවද,

                එයට පිළිතුරු වශයෙන් එම පුද්ගලයන්, ඔවුන් කිසිවෙක් මෙම ස්ථානයේ පෙනෙන්නට නැහැ යැයි පවසන බවද,

4). තමන් ලොවේ අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නන් ලෙසම සිටි බව තමන්ට එරෙහිව ඔවුන්ම සාක්ෂි පවසන බවද පවසයි.

(කෙනකුගේ ශරීරයේ ඇති ප්‍රාණය දේව දූතයන් අත්පත් කර ගැනීමේ හේතුව මත  පුද්ගලයන්ට මරණය යන්නක් සිදු වෙන බව කුර්ආනය පවසනවා. එනම් මෙහිදී ප්‍රාණය ශරීරයෙන් පිටවීමක් සිදු වේ. මෙම කාරණාව සම්බන්ධවද කුර්ආනය පවසයි. එවැනි කුර්ආන් වැකි කීපයක් දෙස බලමු.)

(ප්‍රාණය) උගුරට පැමිණෙන වේලාවේදී,  එකල ඔබලා බලමින් සිටිහුය! (ඔබලාට එය වැළැක්වීමට හැකිද?) (කුර්ආනය. 56:83,84)

කෙනෙක් මරණයට පත්වෙන අවස්ථාවට සමීප වූයේ නම්, ඔහුගේ ප්‍රාණය උගුරට පැමිණෙන බව අල්ලාහ් මෙම වැකියේ පවසයි.

එම අවස්ථාවේදී මරණයට පත්වීමට නියමිත පුද්ගලයා දෙස, ඔහු වටේ සිටින්නන් බලා සිටින බවද අල්ලාහ් මෙම වැකියේ පවසයි.

ඔබලාට වඩා  අපිම ඔහුට වඩාත් සමීපව සිටිමු. නමුත් ඔබලා නොබලන්නෙහුය. (කුර්ආනය. 56:85)

එම අවස්ථාවේදී දේව දූතයන්, සමීපව බලමින් සිටින මිනිසුන්ට වඩා සමීපව සිටින බවද අල්ලාහ් මෙම වැකියේ පවසයි.

කෙසේ වෙතත් මිනිසුන් මෙම දර්ශනය නොදකින බවද අල්ලාහ් මෙම වැකියේ පවසයි.

ඔබලා කිසිවකුටත් අවනත නොවන්නන් ලෙස සිට, (එම කාර්යයෙහි) ඔබලා සත්‍යවන්තයන් වේ නම් (ප්‍රාණය වූ) එය නැවත ගෙන එන්න! (කුර්ආනය. 86, 87)

සමහර අවස්ථාවලදී සමහරුන් අල්ලාහ්ට අභියෝග කරනවා.

හැකි නම්, මරණයට පත් වූ මිනිසාගේ ශරීරයෙන් අත්පත් කරගත් ප්‍රාණය නැවතත් ඇතුළු කර, ඔහුට ප්‍රාණය ලබා දෙන්නැයි අල්ලාහ් එවැන්නන්ට මෙම වැකියෙන් අභියෝග කරයි.

මරණයට පත්වන මෙම කාර්යයේදී සෑම මිනිසකුම අල්ලාහ්ට අවනත වන බවද අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

(මිනිසාට ප්‍රාණය සම්බන්ධව ඇත්තේ සුළු දැනුමක් පමණක් බවද  කුර්ආනයේ අල්ලාහ් පවසයි.)

(නබි!) ඔවුහු ‘රූහ්‘  (එනම් ප්‍රාණය) ගැන ඔබගෙන් විමසති. එයට ඔබ, ‘රූහ්’ (එනම් ප්‍රාණය) මාගේ ස්වාමියාගේ අණ පරිදිම ඇතැයි පවසන්න! (එය ගැන) සුළු දැනුමක් පමණක් ඔබලාට දෙනු ලැබ ඇත්තෙහුය. (කුර්ආනය. 17:85)

මෙම පුද්ගලයන් ප්‍රාණය ගැන නබිවරයා වන ඔබගෙන් විමසා සිටින බව අල්ලාහ් මෙම වැකියේ පවසයි.

ප්‍රාණය ඇතිවන්නේ අල්ලාහ්ගේ අණය මත බවද, මිනිසාට ප්‍රාණය සම්බන්ධව දැනුම අල්ලාහ් විසින් දෙනු ලැබුවේ සුළු වශයෙන් බවද අල්ලාහ් මෙම වැකියෙන් පවසයි.

තමාගේ නබිවරයාගෙන් යමක් ප්‍රශ්න කරන විට, හෝ නබිවරයාට එරෙහිව කෙනෙක් යමක් පවසන විට, අල්ලාහ් එයට ප්‍රතිචාර දක්වා වැකි පහළ කරන්නේය. එසේම අල්ලාහ් සියල්ල නිරීක්ෂණය කරමින් සිටින බව විශ්වාස කිරීමට මෙවැනි වැකි ආධාර වශයෙන් ගත හැකිය.

නමුත් වර්තමානයේ, යම් කෙනෙක් අල්ලාහ්ට හෝ නබිවරයාට චෝදනාවක් කළේ නම්, අල්ලාහ් එයට ප්‍රතිචාර නොදක්වයි. හේතුව අල්ලාහ් වේදකයේ වැකි පහළ කරන්නේ තමාගේ නබිවරයාටය.

(අල්ලාහ් සාමාන්‍ය මිනිසකු සමඟ කතා නොකරන බවද ඔහු තමාගේ දූතයන්ගෙන් තමා තෝරාගත් අය සමඟ පමණක් කතා කරන බවද කුර්ආනයේ පවසයි.)

‘වහී‘ මඟින් හෝ තිරයට එහා සිට හෝ නැතිනම් (මලක්වරයකු වන) දූතයකුව යවා, ඔහු සිතන දෙය ඔහුගේ අණය පරිදි ඔහු දැනුම් දීම මඟින් හෝ (වෙන කිසිම ක්‍රමයකින්) කවර මිනිසකු හමුවෙහි වුවද අල්ලාහ් කතා නොකරයි. නියතව ඔහු උතුම් බව ඇත්තාය; අධික ඥානවන්තයාය. (කුර්ආනය. 42:51)

ඉහත කුර්ආන් වැකියේ අල්ලාහ් පවසනුයේ කුමක්ද? කියා දැන් බලමු.

‘වහී’ යනු අරාබි වචනයකි. එහි අර්ථය, ‘දේව දැනුම් දීම’ හෝ ‘දේව පණිවුඩ’ යන්න වේ.

අල්ලාහ් යම් මිනිසෙක් සමඟ කතා කරන්නේ යම් යම් සීමිත ක්‍රමවලින් පමණක් කතා කරන බව ඉහත වැකියේ පවසයි.

1. ඔහු මිනිසා සමඟ ‘දේව දැනුම් දීම’ මඟින් කතා කරයි. ‘දේව දැනුම් දීම’ යන්න, ඔහුගේ වදන් බව මෙයින් කියවේ.

2. ඔහු මිනිසා සමඟ කතා කරන විට, තිරයක එහා සිට කතා කරයි. එනම් නොපෙනෙන තත්ත්වයේ සිට මිනිසා සමඟ කතා කරයි.

3. ඔහු සිතන දෙය, දේව දූතයකු මාර්ගයෙන් දැනුම් දෙමින් ඔහු මිනිසා සමඟ කතා කරයි.

4. ඔහු උතුම් බව ඇත්තකු හෙයින්, ඔහුගේ උතුම් භාවයට සරිලන පරිදි ඉහතින් සඳහන් කළ පරිදි සීමිත ක්‍රම උපයෝගී කර ගනිමින් මිනිසා සමඟ කතා කරයි.

එනිසා සමහරුන් විවිධාකාර වචනවලින් බැන වැදුණද ඔහු කිසිදු මිනිසෙක් සමඟ කතා නොකරයි.

(එවැනි ක්‍රියාවල් සිදුවන විට, ඔහු දේව දූතයන් යොදවා ඒවා සටහන් කර ගනියි. පසුව එම පුද්ගලයාගේ මරණයෙන් පසුව, විනිශ්චය දිනයේදී ඔහුව ගෙන්වා විභාග කර, එයට නියමිත දඬුවම ලබා දෙයි.)

මේ සම්බන්ධව පවසන කුර්ආන් වැකිද දකින්නට ලැබෙනවා.

‘නියතව අල්ලාහ් දුප්පතකුය. අප පොහොසතුන්ය’යි පැවසූවන්ගේ වදනට අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන් පැවසූ දෙයද, ඔවුන් අසාධාරණ ලෙස නබිවරුන්ව ඝාතනය කළ කාර්යයද අපි සටහන් කරන්නෙමු. තවද, (එලොවේදී) ‘පුලුස්සා දවන වධ වේදනාව විඳින්නැ!’යිද පවසන්නෙමු. (කුර්ආනය. 3:181)

නබිතුමා අල්ලාහ්ගේ පණිවුඩ පදනම් කරගෙන තම ජනයාට, අල්ලාහ්ව විශ්වාස කර, තමාවද අල්ලාහ්ගේ දූතයා ලෙස විශ්වාස කරන්නැයි තම ජනයාට දැනුම් දුන්නා.

ඒ අවස්ථාවේදී සමහරුන් අල්ලාහ්ට අපහාස වන අන්දමේ විවිධාකාර වචන පවසා සිටියා.

 ‘නියතව අල්ලාහ් දුප්පතකුය. අප පොහොසතුන්ය’ යි පැවසූවන්ගේ වදනට අල්ලාහ් සවන් දුන්නේය.’

සමහරුන් නියත වශයෙන්ම අල්ලාහ් නමැත්තා දුප්පතෙක්. අපි පොහොසතුන් යැයි අල්ලාහ්ට නිග්‍රහ කළා. ඔවුන්ගේ වදනට අල්ලාහ් සවන් දුන්නා යැයි තම පණිවුඩය දන්වා සිටියා.

ඔවුන් පැවැසූ වදන් හා මෙයට පෙර ඔවුන් අසාධාරණ ලෙස නබිවරුන්ව ඝාතනය කළ කාර්්‍යයද දේව දූතයන් මඟින් සටහන් කරගත් බවද අල්ලාහ් දන්වා සිටියා.

මිනිසාගේ ක්‍රියාකාරකම් ගැන විභාග කරන එලොවේදී ඔවුන්ව ගෙන්වා විභාග කරන බවද, මෙවැන්නන්ව නිරයට ඇතුළු කරන බවද, එසේ නිරයට ඇතුළු කිරීමෙන් පසුව, ඔබ කරමින් සිටි කාර්යයන්වලට ඵලය වශයෙන් නිරයේ ගින්නෙන් පුලුස්සා දවන වේදනාව ඔබ ඇතැයි පවසන බවද මෙම වැකියේ සඳහන් වේ.

එනිසා මිනිසාගේ මරණය යන්නෙන් අදහස් වන්නේ, ඔහුගේ ශරීරයේ තිබුණ ප්‍රාණය, දේව දූතයා මඟින් අත්පත් කර ගැනීම බවද, ප්‍රාණය සම්බන්ධව පැහැදිලි කරුණු පැවැසීමේ දැනුමක් මිනිසාට නොමැති බවද, එම දැනුම ඇත්තේ මිනිසාව මැවූ මැවුම්කරු වන අල්ලාහ්ට පමණක් බවද, මිනිසා තමාව විශ්වාස කිරීමට උපකාරයක් ලෙස අල්ලාහ් නම් දෙවි¾දුන් මෙවැනි කාරණා දේව දූතයන් මාර්ගයෙන් ජනයාට දැනුම් දෙන බවද මෙයින් වටහාගත හැකිය.

කෙනකුගේ ශරීරයේ ඇති ප්‍රාණය අත්පත් කරගැනීමේ හැකියාවක් ඇති කෙනකුට නැවත වතාවක් එම ප්‍රාණය එම ශරීරයට ඇතුළු කිරීමේ හැකියාවද තිබිය යුතුය. එසේ නම්, නැවත වරක් ප්‍රාණය ලබාදී මිනිසාව විභාග කිරීමකට ලක් කරනවා යන වැදගත් කාරණය සත්‍යයක් බව පිළිගත හැකිය.

කෙසේ වෙතත්, මිනිසාව නැවත වරක් ප්‍රාණය ලබාදී නැඟිට්ටවා විභාග කිරීම යන විෂයය නොපිළිගන්නා  මිනිසා දක්වන අදහස් සියල්ල හා ඒවාට අල්ලාහ්ගෙන් ලැබුණ ප්‍රතිචාර මොනවාද? යන්න ගැන පවසන කුර්ආන් වැකි බොහොමයක්ම කුර්ආනයේ දකින්න ලැබෙනවා.

වයි.එල්. ජිනාන් යකූබ්

විශ්‍රාමික ගණිත ගුරු