පීනස නැත්තට නැතිකරන පුරාණ වෙද පොත්වල එන අත්බෙහෙත් 8ක්

0
5

පීනස නිසා නිතර දුක් විඳින අය බොහොමයක් හමුවෙනවා. ඔවුන්ට එය විවිධාකාර ලෙස බලපානවා. ඉවසා දරාගත නොහැකිව විවිධ ප්‍රතිකාරවලටද යොමු වෙනවා. ඒත් ඇතැමුන්ට ඒ එකකින්වත් සුවයක් ලැබෙන්නෙ නෑ. ඔවුන් හිතන්නෙ නිතර මේ රෝගය පවතීවි, ඊට ප්‍රතිකාර කළත් වැඩක් නෑනේ කියලයි.

පීනස් වර්ග කිහිපයක්ම තියෙනවා. ඒවා ඒ ඒ අයගේ ශරීරයේ ස්වභාවය අනුව විවිධාකාර විධියටයි හැදෙන්නෙ. සුව කර ගන්න වෙන්නෙත් ඒ ඒ අයගේ රෝග තත්ත්වයන් අනුවයි.

එදා පුරාණයේ වෛද්‍ය දැනුමින් පිරිපුන් වෙදැදුරන් මේ හැම රෝගයකටම නිසි ලෙස වෙදකම් කළා. විශේෂයෙන් පීනස් රෝගය ඔවුන්ගේ දැනුමට අනුව නම් ඒ හැටි රෝගයක් නෙවෙයි. මේ විතරක් නොවී එදා ගැමි සමාජයේ මිනිසුන් ජීවත් වූ ජීවන රටාවත්, වෙහෙස මහන්සි වී වැඩ කළ ආකාරයත්, කාපු කෑම බීමත් නිසා ඒ අය ඔය වාගෙ ලෙඩ රෝගවලට බඳුන් වුණේත් නෑ. එදිනෙදා අවැසි ඔසු පැන්, ඔහු නිතැතින්ම ආහාර වේලටත්, පානයටත් එකතු කර ගත්තා. ඒ නිසා බොහෝ අයට නොදැනීම රෝග බෝවෙන ගතිය නැතිවෙලා නිරෝගී සුවය ලැබී තිබුණා.

නමුත් අද සමාජයත්, මිනිසුන්ගේ ආහාර රටාවත්, ඇවැතුම් පැවැතුම්ද වෙනස් වෙලා. විකෘති වෙලා. ඇත්තෙන්ම කීවොත් විකෘති වෙලා. ඒ නිසා ලෙඩ රෝග බොහොමයි. ඒ නිසා ඔවුන්ගේ නිරෝගී බවත් අඩුයි. ජීවත්වීමේ කාල පරිමාවත් කෙටියි. ඒ තමයි වර්තමානයේ ඛේදවාචකය.

එනමුත් එදිනෙදා ජීවිතයේදී අපට වැලඳෙන ලෙඩ රෝගවලට අත්බෙහෙත් වශයෙන් පුරාණයේ සිට භාවිත කළ ඔසු වට්ටෝරු කිහිපයක් තිබුණා. ඒවා නිසි ලෙස ගෙන, නිතිපතා භාවිත කළ ඉතිහාසයකුත් අපට තිබුණා. ඒ නිසා ඒ පුරුදු හා ඒ වත්පිළිවෙත් වගේම අත්බෙහෙතුත් අදටත් වලංගුයි. ගුණදායකයි. මේවා නිසි වෛද්‍යවරයකුගෙන් විමසා බලා ගත්තත් වරදක් නෑ.

පීනසට ගුණ දෙන එවන් අත්බෙහෙත් වට්ටෝරු කිහිපයක් මෙහෙමයි.

කොත්තමල්ලි, වියළි ඉඟුරු, තිප්පිලි, වළඟසාල්, ඉඟුරු පියලි කබලේ බැද කුඩු කර කෝපි මෙන් වත්කර බොන්න.

අරළු, සිරිතේක්කු, පිටවක්කා මුල්, ගොටු දඬු, වැල්මී, සූකිරි කළං 2 බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා සීනි, මී පැණි සමඟ උදේ සවස බොන්න.

පිටවක්කා මුල්, තිප්පිලි මුල්, වියළි ඉඟුරු කළං 4 බැගින් ගෙන වතුරපත 8 එකට සිඳුවා තිප්පිලි කුඩු සීනි දමා බොන්න.

ඉඟුරු පියලි, ගොටුදඬු, වළඟසාල්, සුදු ලූනු කළං 3 බැගින් වතුර පත 8 එකට සි¼දවා තිප්පිලි කුඩු සීනි දමා දෙවේලට බොන්න.

අරළු, බුළු, නෙල්ලි, බෙලලි, මුල්, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කළුදුරු, සූදුරු, අසමෝදගම්, සිවියමුල්, සුදු ලූනු, කළං 1 බැගින් වතුරපත අට එකට සිඳුවා තිප්පිලි කුඩු සීනි සමඟ උදේ සවස බොන්න.

දෙළුම් මල් යුෂ තන කිරි සමඟ නස්න කිරීමෙන් නාසයෙන් ලේ යෑම නවතී. හිසට ඇල් දිය දමන්න.

අරළු, ඉඟුරු, සිවිය මුල් කළං 3 බැගින් වතුර පත අට එකට සිඳුවා තිප්පිලි කුඩු සමඟ උදේ සවස බොන්න. ප්‍රතිවාප ලෙස මී පැණි, සීනි යොදන්න.

පිප්පල්‍යාරිෂ්ඨය හෝ ආසව දවසට තුන් වරක් බොන්න. බෙලි කොළ කළං 16යි ගම්මිරිස් කළං 3යි ඇල්වතුරෙන් අඹරා හිස ගල්වා පැය තුනකට පසු නාන්න. එය ගල් පීනසයටය.

සුශ්‍රැත්‍ර සංහිතාව ඇසුරෙනි.

සුභානි එම්. ආරච්චිගේ