උපක්‍රමික මිත්‍ර සබඳතා මතින් රාජ්‍ය බලය ස්ථාවර වෙයි

0
109

මෙම 2022 අගෝස්තු 07දා ඉරිදා පෙ.ව. 05.20ට ග්‍රහ ලොව සුරතලිය හෙවත් සිකුරු ස¾දුට අයත් කටක රාශියට ප්‍රවිෂ්ට වෙයි. ලෝකායතන ජේ‍යාතිෂයේ හතර වැන්න කටකය වන අතර එය ලංකා කේන්දරයේ හයවැන්නයි. සිකුරු කටකය තුළ තාවකාලික මිත්‍ර සබඳතා  සහ ප්‍රේම සබඳතා ඇති කරයි. ප්‍රසිද්ධ විවාහ බන්ධන ඇතිකරයි. එසේම ඉතා හොඳ සමාදානකරුවකු ලෙස කටයුතු කරයි.

ඒ අනුව මෙම ග්‍රහ තත්ත්වය උපක්‍රමික තාවකාලික මිත්‍ර සබඳතා සාදාගැනීමට රජයට දිරි දෙයි. විවිධ පක්ෂ අතර අවබෝධතා ගිවිසුම් සහ මිත්‍ර සන්ධාන ගතවීම් දක්නට ලැබෙනු ඇත, විශේෂයෙන්ම එළිපිට දකිනවාට වඩා රහස් මිත්‍ර සබඳතාද නිර්මාණය කරයි.

විවිධ නව තනතුරු හා තානාන්තර ඇතිවෙයි. ලෞකික සැප සහිත බලතල සහිත මෙම තනතුරුවලට විවිධ පක්ෂවල පුද්ගලයන් පත්වීමත් සමඟ සාමකාමී පරිසරයක් නිර්මාණය වනු ඇත. නව ඇමැති තනතුරු හා රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැති තනතුරු ඉදිරි දින 24 තුළ ස්ථාපනය කෙරෙණු ඇත. රට පුරා යළි ප්‍රීති උත්සව ප්‍රිය සම්භාෂණ ආදිය ඇරඹෙන කාලයද වෙයි.

ඒ අතර කලා ලෝකයේ කීර්තිමත් තරුවක් මතක ගංගාවට ගලා යනු ඇත. එනම් මාරකයි.

නව කලා නිර්මාණ ඇගයේ. සෞන්දර්යය කටයුතු සහ තාක්ෂණික කටයුතු පිළිබඳ උනන්දුව ඉහළ යයි.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ හතරවැන්නාධිපති නැතහොත් විපක්ෂය පෙන්වන භාවයේ අධිපති සතුරු ස්ථානයේ වෙයි. ඒ රාජ්‍ය කාරක රවි සමඟයි. මේ හේතුවෙන් විපක්ෂයට එරෙහිව සතුරු බලවේග ක්‍රියාත්මක වනු ඇත. රටවැසි සියලු දෙනාම මානසිකව ශක්තිමත් විය යුතු කාලයක්ද වේ.

මෙම කාලය තුළ සැනසුම ළඟා කරගැනීමට කුරුල්ලන් නිදහස් කිරීම, සිකුරාදා දින තුනක් පලතුරු දන්දීම, කතරගම දෙවියන් උදෙසා රතු මල් පූජා කිරීම, මෙත්තානිශංස සූත්‍රය නිතර කීම ඉතා සුබයි.

ආචාර්ය කැළුම් ගුණතිලක