අඳුර බෙදන සොඳුරු cargoව special cargo

0
370

Special cargo (literal title) හෙවත් විශේෂ බෙදාහැරීම චිත්‍රපටය මේ අවුරුද්දේ 2022 ජනවාරි 12 වැනිදා තිරගත වීම ඇරඹුණු දකුණු කොරියානු අපරාධ ක්‍රියාදාම චිත්‍රපටයක් වනවා. Title එක බැලූ පමණින්ම බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද මේ special delivery එක කියලා. නමුත් මේ චිත්‍රපටය ඇත්තටම special delivery එකක්ම තමයි. මෙහි Eun-ha කියන්නේ මේ චිත්‍රපටයේ ඉන්න ප්‍රධාන චරිතය වනවා. ඉතින් eun-ha කියන්නේ එසේ මෙසේ කෙල්ලෙක් නෙවෙයි. සමාන්‍ය junkyard බෙදාහැරීම් කරන ලිපිකාරිනියක් වුණත් එයා ඊට අමතරව විශේෂ තවත් දෙයක් කළා. ඒ සාමාන්‍ය විධියට බෙදාහැරීම් කරන්න බැරි දේවල් ඒ කියන්නේ නීති විරෝධි දේවල් සඳහා උදවු වන මැරයන් හොරු හා ජාවාරම්කරුවන් ලෙස ඉන්න පුද්ගලයන්, ඇය ඉතා සූක්ෂ්මව හා රහසිගතව ඔවුන්ට යෑමට අවශ්‍ය ස්ථානවලට පොලිසි උකුසු ඇස්වලට මුවාවෙන් ආරක්‍ෂිතව රැගෙන යාම් කිරීම ඇය කරයි.

“තැපැල් කාර්යාල සේවය හසුරුවන්නේ නැති සෑම දෙයක්ම මම ලබා දෙනවා”

ඇගේ බෙදාහැරීමට බොහෝ දෙනා ඇයට 100% ratings ලබා දෙන්නේ ඇය එතරම් දක්‍ෂ ලෙස ඇයට පැවරෙන රාජකාරිය අකුරටම ඉටු කරන නිසාවෙනි. මේ Eun-ha හරිම ලස්සන කෙල්ලෙක් වගේ. කාටවත් බය නැති මුදල් වෙනුවෙන් රිස්ක් එකක් ගන්න වාහන පැදීමට  මෙන්ම ඇගේ මේ driving skill එක චිත්‍රපටය තුළ නරඹන විට ප්‍රේක්ෂකයන්ට wow feeling එකක් දෙයි. මෙම චිත්‍රපටය women centric movie එකක් වුවද නළුවන්ට නොදෙවැනි ලෙස ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස ගෙන තිබීම විශේෂත්වයකි. සුන්දර කෙල්ලන්ට භයානක වැඩ කරන්නත් පුළුවන් කියන හැඟීමක්ද යම් මේ Eun-ha තළින් පෙනේ.

ඉතින් වෙනදා මෙන් ඡ්භද ඩච ඇගේ සුපුරුදු රාජකාරිය කරමින් සිටින ඇය තව කස්ටමර් කෙනෙක් වුණු අපරාධ විමර්ශන ඒකකයෙන් රහසේ හොයන ප්‍රසිද්ධ අයකු වු බඥභඬඵධදඨ එනතුරු සිටි අතර ඔහුට එහිදී මුහුණ දෙන්නට සිදුවන සිදුවීමත් එක්ක ඔහුගේ පුත් වන මේ ඵඥධ-ඹධද කියන දරුවා වාහනයට ගොඩවීමත් සමඟ මුහුණ දෙන්න වෙන අනපේක්ෂිත සිදුවීමත්  එක්ක තමා මේ කතාවම  ගෙතිලා තිබෙන්නේ. ඒ අෑ බලා සිටි කස්ටමර්ගේ නොපැමිණීමත් නොදන්න ළමයකුත් තම වාහනයට ගොඩවීමත් ඉන්පසුව ඇයට මුහුණ දෙන්නට වන කරදර අභියෝග පිළිබඳවයි මේ special delivery කියන චිත්‍රපටය වන්නේ.

හැබැයි මේ අනපේක්ෂිත සිදුවීමත් එක්කම ප්‍රේක්ෂක අපේ කුතුහලය කියන එකනම් නැති කරන්නේ නැතුව මේ කතාව ඇතුළෙම අපිව රඳවාගෙන තියන්නට dea-min park අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තිබෙනවා.

ඒ වගේම මේ චිත්‍රපටය තුළ Eun-ha චරිතය කරපු park so dam මේ චරිතයට ඉතාමත් හොඳ සාධාරණයක් ඇගේ රංගනය තුළින් ලබා දී ඇති අතර සෙසු චරිත කරපු අනෙක් අයද තම තමන්ගේ චරිතවලට සාධාරණයක් කර ඇතැයි මගේ විශ්වාසය.

Special Delivery චිත්‍රපටය  එම් පික්චර්ස් නිෂ්පාදන ආයතනය සඳහා dea min park විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇත. DOP Hong jae – sik නම් ප්‍රවීණ cinematographer ලෙසද මෙම නිර්මාණයට දායක වී ඇත.

සාමාන්‍යයෙන් බොහොමයක් චිත්‍රපටවල ආදර කතා තිබුණත් මෙම චිත්‍රපටය තුළ ආදර කතාවකට ඉඩක් වෙන් කර නොතිබීමද විශේෂත්වයකි. මෙය සම්පූර්ණයෙන්ම අපරාධ මෙන්ම ක්‍රියාදාමවලින් පිරුණු චිත්‍රපටයක් ලෙස කියන්නට පුළුවන්.

Park So-dam Song Sae-byeok සහ Kim Eui-sung මෙන්ම තව බොහෝ නළු නිළි පිරිසක්ද තම රංගනයෙන් දායක වේ.

මේ චිත්‍රපටය දැනටමත් බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරන මෙන්ම නැවත වරක් බැලිය හැකි චිත්‍රපටයක් ලෙස නම් කරන අතර අපරාධ  ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ඇලුම් කරන ඕනෑම කෙනකුට නැරඹීමට හැකි හිට් චිත්‍රපටයකි. ඒ වගේම මේ චිත්‍රපටයේ දෙවැනි කොටසක්ද එතැයි කියා ප්‍රේක්ෂකයන්  විශ්වාස කරයි.

රොචිනි රූපසිංහ