අන්තර්ජාලය කලඹන Dark Web සහ Deep Web

0
406

කාලයක් තිස්සේ ගොඩක් අය ඉල්ලපු දෙයක් තමයි මේ Surface web Deep Web/ Dark Web ගැන ටිකක් කියලා දෙන්න කියන එක. නමුත් ඒක කරන්න අමාරු වෙලා තියෙන්නේ මේ Dark Web යනුවෙන් හැඳින්වෙන ජාලවල තිබෙන නීති විරෝධී දේවල් නිසා මේ ලෝක විසිරි වියමනේ නොහොත් World Wide Web, WWW එකේ ප්‍රධාන කොටස් තුන surface web deep web සහ dark web, නමින් කොටස් 3න් සමන්විත වෙනවා. මේ ගැන ගොඩාක් දෙනා දැනුවත් ඇති. නමුත් මේ surface web deep web සහ dark web කියන්නේ මොනවාද කියලා හරි අවබෝධයක් නැති කෙනෙක්ට ඒ ගැන සරල අදහසක් ලබා දීම තමා මූලික අරමුණ.

1. Surface Web

අපේ web browser WY Google Chrome Mozilla Firefox Internet Explorer වගේ web browsers open කරලා අපිට සොයා ගැනීමට අවශ්‍ය දේ එහි type කරලා search කරන එක. ඒ අවස්ථාවේදී ඊට අදාළ  තොරතුරු අපගේ web browser සඳහා අන්තර්ජාලය තුළින් ලබා දීම සිදු වෙනවා. නමුත් මේ විධියට අපි මේ අන්තර්ජාලයේ සැරිසරනවා කියලා කියන්නේ සමස්ත අන්තර්ජාලයෙන් 4%ක පමණ ප්‍රමාණයක සැරිසැරීමට. මේ අපි සාමාන්‍යයෙන් සැරිසරන 4%ක් වූ web එක තමයි surface web විදියට හඳුන්වනු ලබන්නේ.

ඉතින් මුලින් සඳහන් කළා surface වෙබ් එකට අයිති වෙන්නේ අන්තර්ජාලයෙන් 4%ක් තරම් වූ ඉතාමත් කුඩා කොටසක් කියලා. එතකොට අනිත් 96% අයිති වෙන්නේ කොහෙටද. අලුතෙන්ම මේ ගැන කියවන ඕනෑම කෙනෙක්ට මතුවෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි මේක. ඒ පිළිබඳව සොයා බැලුවොත් ඔබට පැහැදිලි වේවි අන්තර්ජාලයේ ඉතිරි 96ක ප්‍රමාණය අයිති වෙන්නේ deep web සහ dark web කියන කොටස් දෙකට බව.

2. Deep Web

කලින් සඳහන් කළ surface web එකේ අපි ඕනෑම කෙනෙක්ට සාමාන්‍ය web browser එකක් හරහා සැරිසරන්න පුළුවන්. නමුත් deep web එකට ඒ විධියට අපි ඕනෑම කෙනෙක්ට එහෙම ලෙහෙසියෙන් පහසුවෙන් පිවිසෙන්න බැහැ. මේ නිසා මෙය අන්තර්ජාලය තුළ සැඟවුණු කොටසක් විධියටත් හඳුන්වනු ලබනවා. මේ කොටස තුළ විවිධ ආයතනවල Databases ඒ වගේම ඵධජඪචත media accounts Google drive data වගේ දේවල් අන්තර්ගත වෙනවා. එක් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට පමණක් පිවිසිය හැකි අන්තර්ජාලයේ තොරතුරු අඩංගු වෙන්නෙත් මේ deep web එකේ. මේ තොරතුරු පරිහරණය කරන්න නම් එම අවශ්‍ය තොරතුරු අඩංගු web URL එක සහ එයට පිවිසීමට අවශ්‍ය අවසරය තිබිය යුතුය.

3. Dark Web

Dark Web කියන්නේ surface web සහ deep web කියන මේ දෙකටම තරමක් වෙනස් වූ සංකල්පයක්. නමෙන් කියනවා වගේම ඇත්තටම මේ dark web එක කියන්නේ අන්තර්ජාලයේ අඳුරු පැතිකඩක්. නීති විරෝධී ව්‍යාපාරික කටයුතු තම තමන්ගේ අනන්‍යතාව හෙළි නොකර කිරීමට අවශ්‍ය බොහෝ දේ. උදා:- මත්ද්‍රව්‍ය, අවි ආයුධ වෙළෙඳාම, කුලියට hacking සේවාවන් සැපයීම මෙම dark web තුළ සිදු වෙනවා. බොහෝ විට මෙම ගනුදෙනු සිදුවන්නේ bitcoin මඟිනි. මම කලින් කිව්වනේ මේ Dark Web එකේ අඩවි ඔයාට සාමාන්‍ය බ්‍රවුසර් එකකින් Access කරන්න බෑ කියලා. මම ඔයාලට බලන්න දෙන්නම් Tor Network එකේ ලින්ක් එකක් නිකන් බ්‍රවුසර් එකේ ගහලා බලන්නකො.

ලෝඩ් වෙනවද බලන්න මේක ගැහුවා කියලා මුකුත් වෙන්නෑ බය වෙන්න එපා.https//facebookcorewwwionion/ මේ තියෙන්නේ Tor Network එක හරහා Facebook Official සයිට් එකට ලොග් වෙන්න පුළුවන් ලින්ක් එක. මේකට යන්න නම් ඔයාට Tor Network එක ඇක්සස් කරන්න ඉඩ ලබා දෙන Tor Browser එක භාවිත කරන්න වෙනවා. ඒ browser එක හරහා මේකත් සාමාන්‍ය වෙබ් ලිපිනයකට යන විධියටම චජජඥඵඵ කරන්න පුළුවන්. Tor Network එක ගැන අපි වැඩි දුර තොරතුරු තවත් ලිපියකින් කතා කරමු. මේ බෙදාහදා ගත්තේ surface web deep, web සහ dark web කියන සංකල්ප පිළිබඳව මූලික අදහස විතරයි. මේ දේවල් ගැන තවත් තොරතුරු දැනගන්න කැමති නම් ඒ ගැන හොයලා බලන්නත් අමතක කරන්න එපා. තවත් වැදගත් දෙයක් Dark Web ගැන තොරතුරු සඳහන් කළේ හුදෙක් ඒ පිළිබඳව නොදන්නා අයට ඒ ගැන දැනුමක් ලබා දීමේ අරමුණින් විතරයි.

ශෙනායා හේවාගම