අතීතය පාරන විදුලියේ වේදනාව Malayakunju

0
319

Fahadh Faasilගේ රංගනය පිළිබඳව මලයාලම් සිනමා ලෝලීන්ට අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. සාමාන්‍යයෙන් ඔහු කුමන චරිතය රඟපෑවත් ඔහුගේ එම විශිෂ්ට රංගනය නිසාම මුළු චිත්‍රපටයම ඔහුගේ කර ගන්නවා. නමුත් Malayakunju චිත්‍රපටය මේ කොහොමත් ඔහුගේ ප්‍රධාන චරිත නිරූපණය Fahadh Faasilගේ.

අනික්කුට්ටන් තමන්ගේ මවත් සමඟ බොහෝමයක් නිහඬ ජීවිතයක් ගත කරන තරුණ විදුලි කාර්මිකයෙක්. ඔහු බොහොම දරුණු අතීත සිදුවීමක් නිසා පීඩා විඳින්නෙක්. තමන්ගේ සහෝදරිය නිසා තමන්ගේ පියා සියදිවි හානිකර ගන්නවා. ඉතින් ඒ පීඩාව මත කල් ගෙවන අනික්කුට්ටන්ගේ ජීවිතය මේ චිත්‍රපටය ඔස්සේ දිග හැරෙනවා.

ගහෙන් වැටෙන මිනිහටමයි ගොනා අනින්නෙත්!

ඉතින් එලෙස ජීවත්වන අනික්කුට්ටන් මහා වැසි දවසක තවත් නොසිතන ඇබැද්දියකට මුහුණ දෙනවා. ඉතින් ඒ ජීවිතයත් මරණයත් අතර සටනින් ඔහු බේරේවිද? චිත්‍රපටයට පාදක වී ඇත්තේ මේ සිදුවීම් මාලාව ඔස්සේයි. thiller කැටගරිය යටතේ නිර්මාණය වී ඇති Malayakunju ඊට පිළිතුරු සපයාවි.

මලයාලම් සිනමාවේ තවත් හුරු පුරුදු චරිතයක් මේ චිත්‍රපටය තුළ සිටිනවා. ඒ Rajisha Vijayan. ඉතින් fahadh සහ Rajisha දෙපළගේ රංගන හැකියාව නිසාම. මෙය ඔබ නැරැඹිය යුතුම සිනමා පටයක් ලෙස මං නම් කරනවා. මෙහි සුවිශේෂත්වය වන්නේ fahadh ගේ කිපෙනසුලු සහ සංවේදී සහ සංවේදී චරිත නිරූපණයන් දෙකම මෙම චිත්‍රපටය තුළ අන්තර්ගත වීමයි.

චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත්තේ Fahad Faasil & friends චිත්‍රපට සමාගම විසිනි. අධ්‍යක්‍ෂණය Sajimon prabhakar විසින් වන අතර තිර රචනය Mahesh Narayananගේය. ඉතින් Malayakunju නැරැඹීමට ආරාධනය කරන ගමන් මම නවතිනවා.

විමු රත්නායක