අතපය වකුටු වී කුදු ගැහුණු ඕනෑම රෝගියකු සුවපත් කරන හෙළ වෙද විස්කම

0
6

මනුෂ්‍යයන්ට පමණක් නොව සතුන්ට පවා වෙද හෙදකම් කළ රටක පුරාණ හෙළ වෛද්‍ය ශාස්ත්‍රයේ ගුණ තවමත් ඉතිරිව තිබීම අපේ වාසනාවක්. ඒ තරමටම නිදුක් නිරෝගීව තැබූ ශාස්ත්‍රයකින් තවදුරටත් සේවය කිරීමට ලැබීම භාග්‍යයක් සේ සලකනවා.

ශ්‍රී ගෝපදේවයන්ගේ “ශතශ් ලෝකය” වෛද්‍ය ග්‍රන්ථයේ ඇරැඹුමේම සඳහන් ශ්ලෝකයක් ඔබේ දැනගැනීම පිණිස සඳහන් කිරීම වටිනවා. එය මෙහෙමයි.

“භෛෂජ්‍ය ද්විජ තාරකාධිපති රසේ‍යනික්‍ෂ පෙශ–, ක්‍ෂය ක්‍ෂිණාංග ශරණං ශරණ්‍ය ගණනාග්‍රණ්‍යංය මර්තිච්ජදෙ, තං දෙවං තරණිං ප්‍රණාම්‍ය සරුජං සෞඛ්‍යාය කුම්ශ්ශත, ශ්ලෝකිං ෂොඩශකොකන්චුණී ගුටිකා ලොහාජ්‍ය තෛලොදකාම්”

මෙහි අරුත නම් “බෙහෙත්, බ්‍රාහ්මණයෝ, තාරකාවෝ යන මේවාට ස්වාමි වූ හෙවත් අධිපති වූ චන්ද්‍රයා හෙවත් සඳු පවා ක්‍ෂය වීමෙන් රෝගී වන්නේය. ඉන් මිදීම පිණිස ශරණාර්භ ගණයන්ට අග්‍රවූ සූර්යයා පිහිට කොට යන්නේද එම දෙවියා ප්‍රණාමය කොට රෝගයන්ගෙන් පීඩා විඳින අයගේ සුවය, යහපත පිණිස සොළොසකින් කියන ලද චූර්ණය, ගුළිය, ලේහය, ඝෘතය, තෛලය, කෂාය යන මේවා අත්‍යවශ්‍යය” යන්නයි.

එනිසා සිංහල වෛද්‍ය ක්‍රමය විවිධ අත්හදා බැලීම් සහිතව. වෙනත් වෛද්‍ය ශාස්ත්‍රයන්ගේද දැනුමැති ආභාසය ලද මිනිසුන් ජීවත් කරවන්නක්. මේ මහ පොළොවේ වැවෙන, ප්‍රකට අප්‍රකට ඔසු ශාකවලින් පෝෂණය වූ ඉන් හදාගන්නා අනර්ඝ ඔෟෂධවලින් පිරිපුන් ප්‍රතිකාර විධි රැසකින් පෝෂිතයි. ප්‍රතිකාර විධිත් විවිධයි.

බොහෝ අය මෙහි ගුණ හඳුනන්නේ නෑ. එහි ඉසිවර ප්‍රතිකාරවලින් ගොඩ ගිය මිනිසුන්ගේ සුවය ලද දස දහස් ගණනකගේ කතා දන්නේ නෑ.

අප වෙත ඔසවාගෙන රැගෙන එන දහසකුත් එකක් ඔත්පළ රෝගීන් පරීක්‍ෂා කර බැලුවාම ඒ අය නිරපරාදේ නියමිත ඔසු ප්‍රතිකාර නොලැබ දුකට පත්වී සිටි බව තේරෙනවා. වාතරෝග නිසා හටගත්, එහි ප්‍රතිඵලයක් නිසා සිරුරේ සංවේදී තැන් අකර්මණ්‍ය වූ රෝගීන් පණ දෙන සම්බාහනය කෙරෙන රහස් තෙල් වර්ග රැසක්. නමුත් මේවා රෝගීන්ට ලැබෙන්නේ නැත්තේ ඇතැමුන් මේ පුරාණ වෛද්‍ය ක්‍රමය විශ්වාස නොකරන නිසයි. උදාහරණයක් ලෙස පහදනවා නම් මාසාදී තෛලය එක් නිදසුනක්. එය උඳු, තුනැස්මුන්, හන ඇට, කටු කරඬු, යව, කටුවැල්බටු, ගොකටු, ඔසඹු, කපු ඇට වැනි ඔසු රාශියක් එකතු කර වත්පිළිවෙත් ඇතිවයි තෙල් බවට හරව ගන්නේ. සිඳි ලුණු සමඟ ලොත් වැල් වැනි අප්‍රකට ඔසුද යොදා ගන්නේ මහත් අසීරුවෙන්. මේ සියල්ල ඔසු කර අඹරා කල්ක කොට විධිමත් ලෙස පිසගත් පසුයි තෙල්

ඇතිවෙන්නේ. එය දුෂ්කර වැඩක්. සිහියෙන් කළ යුත්තක්. කැපවී කළ යුත්තකි.

එවැනි ප්‍රාතිහාර්ය පාන ඉතා විස්මිත තෙල් වර්ග රාශියක් අපගේ වෛද්‍ය ශාස්ත්‍රය සතු නිසා ඕනෑම අංශභාග රෝගියකු සුවපත් කිරීමේ විස්කම් අප සතුයි. ඇතැම් රෝගීන්ට තෙල් සාත්තුව කරන්නට පෙර ඔවුන්ගේ රෝග පරීක්‍ෂාව කළාම තමයි වැටහෙන්නේ මේ රෝගයට හේතු වූ කාරණාව මොනවාද කියලා. සමහර රෝගීන්ගේ අතක් පණ නැති වෙලා වකුටු වී ගිහින්. ඇඟිලි දිගඇර ගන්න බෑ. තවත් අයගේ අත් දෙකම කොර වෙලා. වැඩක්

කරගන්න බෑ. තවත් අයගේ ඉණෙන් පහළ අකර්මණ්‍යයි. ඇවිද ගන්නම බැහැ.

නමුත් පුරාණ නිල ශාස්ත්‍රයට අනුව නිවැරදි නිලයම ඇල්ලුවාම ඒ රෝගී වූ තැන්වලට ජීවය කැවෙන පණ ගැහෙන තෙල් සාත්තු හා සම්බාහනයන් වැඩ කරන්න ගන්නවා. එය එක දිගට නාඩි පරීක්‍ෂාවෙන්, ස්නායු පුබුදුවමින් කෙරෙන්නක්. ඒ ඒ තත්ත්වයන්ට ගැළපෙන ප්‍රතිකාර හා බෙහෙත් ලබාදීම් විවිධයි. කැඩුණු තැන් පුරුද්දා සවි කරනවා වගේම ඇතැම් අස්ථි උණු කරවන බෙහෙත් ගල්වා යළි නිවැරදි විදිහට හදා නියමිත ලෙස සවි කරවන විස්මිත බෙහෙත් හා ප්‍රතිකාර විධි කිහිපයක්. මේවා ඒ ඒ රෝගියාගේ රෝග ස්වභාවය අනුව වෙනස් වෙනවා. ඇතැමුන් අප වෙත රැගෙන ආවම ඉතා කෙටි කලකින් සුව කළ හැකි ලක්‍ෂණ හඳුනා ගන්න හැකි වෙනවා. තවත් අයට ඊට වෙනස්.

බොහෝ අය මානසිකව වැටී තමයි එන්නේ. කවදාවත් සුව කර ගන්න බැරි වේවි කියලා හිතා ඉන්න අය තමයි වැඩියෙන් එන්නේ. ඒත් අප ඔවුන්ගේ තත්ත්වයත් සුව කළ හැකියි යන්නත් පහදා දී මානසිකවද ශක්තිමත් කරනවා. මානසික ස්ථාවරතාවන් ලෙඩ රෝග සුව කරවන්න, ශරීරයට නව පණක් දෙන්නත් බලවත් සේ උපකාරී වෙනවා. කෙසේ නමුත් ඇඳට වැටී ඔත්පළ වූ සෑම රෝගියකුම පෙර සිටි තත්ත්වයට පත්කර පූර්ණ සුවය ලබාදීමයි අපේ වෙදකමේ විස්මය.

වෛද්‍යවරයා හමුවිය හැකි ස්ථාන මෙසේය.

(අඟහරුවාදා – අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා රත්නපුර, සිකුරාදා මහනුවර අඹතැන්න, සෙනසුරාදා – වෙන්නප්පුව, ඉරිදා – මහනුවර අඹතැන්න)

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849