පොල්දූව විරෝධතාව: සැකකරුවන් පිරිසක් හඳුනා ගන්න පොලිසිය මහජන සහය පතයි

0
136

පාර්ලිමේන්තු පාර – පොල්දූව වටරවුම ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයේදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

පොලිසිය සඳහන් කළේ, එම සිදුවීම අතරතුර කලහකාරී ලෙස හැසිරුණු පිරිස්, පොලිස් නිලධාරීන්ට සහ යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකුට පහර දී තුවාල කර ඇති බව ය.

එම පහරදීම්, රජයේ දේපළවලට අලාභ හානි කිරීම සහ යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුගේ ටී 56 ගිනි අවි දෙකක් කොල්ලකෑම සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානය සහ බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිසිය පැවසීය.

ඒ අනුව, එම සිද්ධියට අදාළව වීඩියෝ සාක්ෂි මත හඳුනා ගන්නා ලද කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ගේ නිශ්චිත අනන්‍යතා තහවුරු කර ගැනීම සඳහා ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොඅත් 0718592209 / 071859306415 / 0112829388 හෝ 1977 යන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කර ඇත.

අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පහතින් දැක්වේ.