ස්ටාලින් 12තෙක් රිමාන්ඩ්

0
75

අධිකරණ නියෝග කඩකළ බවට චෝදනා නඟමින් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ මස 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (4දා) නියෝග කළේය.

පසුගිය මැයි 28 වැනිදා කොටුව ලංකා බැංකු මාවතේ පැවැති විරෝධතාවකට සහභාගි වෙමින් මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩාවක් ඇති කළේ යැයි ගුරු සංගම් ලේකම්වරයාට චෝදනා නඟා තිබිණි.