ෂේන් දෙනෙත්ගෙන් ශතකයක්

0
13

ශ්‍රී  ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී ශතකයක් රැස් කිරීමට කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ෂේන් දිනෙත් සමත්විය.

ෂේන් දෙනෙත් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 145ක් රැස් කළ අතර, මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලකුණු 12කට කඩුලු 7ක් දවාගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ රනිඳු යොමාල් සමත් වී තිබිණි. එම තරගයේදී ජෝශප් වාස් විද්‍යාලය විසින් මීගමුව ශාන්ත පීතර විද්‍යාලය කඩුලු 7කින් පැරදවීය.

මෙම තරගවලදී කැලණිය ශ්‍රී ධර්මාලෝක, රත්ගම දේවපතිරාජ, කොළඹ මහානාම, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය පළමු ඉනිමේ ජය වාර්තා කළහ. 

කැලණිය ශ්‍රී ධර්මාලෝක_ගලහිටියාව ම.ම.වි.

ගලහිටියාව පළමු ඉනිම -209/6

(රසිත් නිම්සර 81, මහීෂ නිසල් 34, මලිතු මෙත්සර 34/2, සස්විදු ඕෂධ 36/2)

ශ්‍රී ධර්මාලෝක පළමු ඉනිම – 263/6

(ෂේන් දෙනෙත් 145, තරුෂ චන්දීප 56, ජලින අයෝධ්‍ය 78/3, තිළිණ කෞෂික 49/2)

කොළඹ අසෝක-කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර ම.වි.

අසෝක පළමු ඉනිම – 239/7

(ජනුධ මෙත්නුක 92, සේසත් කබ්රාල් 50, කවිඳු රශ්මිත 37/2, සුලක්ෂණ සඳරුවන් 46/2)

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර ම.වි. පළමු ඉනිම – 52/4

(අනුනෙත් චලුනිත නොදවී 22, ජනුධ මෙත්නුක 8/2)

රත්ගම දේවපතිරාජ_අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න

පී. ද එස්. කුලරත්න – පළමු ඉනිම 153

(කවීෂ ගයාෂාන් 44, ඔෂේන් කල්හාර 33/3, අරෝෂ සිතුමිණ 47/2)

දේවපතිරාජ පළමු ඉනිම – 240/8

(යසිරු ලක්ෂාන් 78, පුල්ජිත් වත්සුක 71, ගිෂාන් සත්සර 39/2, යුගීත් රනුමික 7/2)

පී. ද එස්. කුලරත්න දෙවැනි ඉනිම – 21/3

(අරෝෂ සිතුමිණ 7/2)

කොළඹ මහානාම-කොළඹ ඩී. එස්. සේනානායක

ඩී.එස්. සේනානායක පළමු ඉනිම – 127

(සඳුන් ගුණරත්න 26, සෙනුක ගනේපොල 36/4, දෙනෙත් ගුණතිලක 19/3)

මහානාම පළමු ඉනිම – 191/6

(දුල්නෙත් අල්ගෙවත්ත 81, සෙනුක ගනේපොල 40, චනුල් අතලේ 38/2)

වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස්-මීගමුව ශාන්ත පීතර

ශාන්ත පීතර පළමු ඉනිම – 55

(ශාක්‍ය දෙව්ෂාන් 20/4, විදස් ලියනගේ 13/3, නෙවින් සෙංකිත් 9/2)

ශාන්ත ජෝශප් වාස් පළමු ඉනිම – 103/5

(නෙවින් සෙංකිත් 37, දර්ශන සෙනෙත් 28, ඔෂෙම් ෂිනොත් 15/3, සිතුම් උපේක 16/2)

ශාන්ත පීතර දෙවැනි ඉනිම – 61

(මිලින්ද දිනෙත් 37, රනිඳු යොමාල් 12/7, ශාක්‍ය දෙව්ෂාන් 18/2)

ශාන්ත ජෝශප් වාස් දෙවැනි ඉනිම – 14/3

(ඔෂෙම් ෂිනොත් 7/2)

ජෝශප් වාස් විද්‍යාලයට කඩුලු 7ක ජයක්. 

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය-නුගේගොඩ ශාන්ත ජෝන්

ආනන්ද ශාස්ත්‍රාලය පළමු ඉනිම 141/9

(සඳෙව් විජේසේකර 27,  හේමාෂ් ඩිලන්ත 21/3, කවිඳු ඩිල්ෂාන් 14/2, ජනුග චමුදිත් 37/2)

ශාන්ත ජෝන් පළමු ඉනිම – 68

(යොහාන් ලක්ෂිත 20/3, කවිනු ඩිල්ෂාන් 6/2, සඳෙව් විජේසේකර 9/2, නිතිෂ් කමලසූරිය 19/2)

ආනන්ද ශාස්ත්‍රාලය දෙවැනි ඉනිම – 34/2

(රන්මිණ තිසරු 11/2

මීගමුව මාරිස්ටෙලා-මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල

හරිස්චන්ද්‍ර ජා.පා. පළමු ඉනිම – 197/6

(සඳරුවන් සිල්වා 58, සිතුම් නෙත්සර නොදැවී 49, කෙවින් මාලන් 39/3)

මාරිස්ටෙලා පළමු ඉනිම – 187/7

(අමීෂ ප්‍රනාන්දු 51, අමාෂ වික්‍රමසිංහ 37, බිම්සර ගුණරත්න 42/2) 

කොළඹ නාලන්දා-කොට්ටාව ධර්මපාල

ධර්මපාල පළමු ඉනිම – 109

(සෙනුල ලියනගේ 28, මෙතුක පෙරේරා 26/4, ඔසඳ පමුදිත 2/2, සනුග වත්තුහේවා 33/2)

නාලන්දා පළමු ඉනිම 167/3

(ඔමිත් රත්නායක 83, සනුග වත්තුහේවා නොදැවී 35)

ඉෂාන් රශ්මිත