ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්ව ජාතික බේස්බෝල් තරගාවලිය 6දා

0
11

ශ්‍රී  ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික බේස්බෝල් තරගාවලිය අගෝස්තු 6 වැනිදා හෝමාගම දියගම ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්ව බේස්බෝල් පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මේ වනවිට කණ්ඩායම් 13ක් ලියාපදිංචි වී තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන බටහිර ආසියානු ශූරතාවලියට පෙර පැවැත්වෙන අවසන් තරගාවලිය මෙය වීම හේතුවෙන් මෙම තරගාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් එක්වීමට නියමිතව ඇත.