යතුරුපැදියෙන් කුඩු ඇදපු සැකකරු වල්ගමදී මාට්ටු

0
7

යතුරුපැදියෙන් යමින් මත්කුඩු අලෙවි කිරීමේ යෙදුණු ජාවාරම්කරුවකු එම යතුරුපැදියත් සමඟ බියගම පොලිසිය මඟින් පෙරේදා (03දා) පස්වරුවේ මල්වානේ වල්ගම, ප්‍රදීපගම පන්සල අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

ජාවාරම්කරු  ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම්ස් 200ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්ද  පොලිස් භාරයට ගැනිණි.

ජාවාරම්කරු මීට ඉහත කේරළ ගංජා ළඟ තබාගෙන පොලිසියට හසුවී තිබේ.

පොලිස් විශේෂ කාර්ය අංශයේ බුද්ධි නිලධාරීන්ට ජාවාරම්කරු මත්කුඩු අලෙවි කිරීම සඳහා යතුරුපැදියෙන් යමින් සිටින බවට ලද තොරතුරක් මත මඟ රැක ඉඳ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

ජාවාරම්කරු එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයකු වන අතර ඔහු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යයි.

බියගම පොලිස් ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පුධාන පොලිස් පරීක්ෂක එස්.ඩී. ගරුසිංහ, සැරයන් රාජපක්ෂ (63431), පොලිස් කොස්තාපල්වරුන් වන සඳරුවන් (90510), නයනජිත් (706), කරුණාතිලක (96937) හා අරවින්ද (34107) යන නිලධාරීහු වැටලීම කළහ.

බියගම – කේ. දුමින්ද,

දෙල්ගොඩ – බිහිදු විනුවර