මෙවරත් ශූරතාව තිඹිරිගස්කටුව මාරිස්ටෙලාට

0
25

ශ්‍රී  ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන අවුරුදු 19න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ටියර් ‘බී’ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පසුගියවර ශූර තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය මෙවරත් සමත්විය.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය විසින් පුත්තලම ආනන්ද ජාතික පාසල කඩුලු 9කින් පැරදවීය.

අවසන් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් මාරිස්ටෙලා පිලේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ආනන්ද ජාතික පාසල් පිලේ ඉනිම ලකුණු 78කට සීමා කිරීමට මාරිස්ටෙලා පන්දු යවන්නන් සමත්වූහ. විශිෂ්ට පන්දු යැවීමක නිරතවුණු වමතින් පා දඟ පන්දු යවන ප්‍රභාෂන සිල්වා ලකුණු 9කට කඩුලු 6ක් දවාලීය.

පිළිතුරු ඉනිම දියත්කළ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා ජාතික පාසල් පිල පන්දුවාර 15.2කදී එක් කඩුල්ලක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයේ විදුහල්පති ශාන්ත ලියනගේ සහෝදරතුමන්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ අවුරුදු 19න් පහළ තරගාවලි ලේකම් වයි. නිශාන්ත කුමාර සහ පුත්තලම ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිනි පුෂ්පා කුමාරි ඒකනායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පුත්තලම ආනන්ද ජාතික පාසල – 78

(ඉමිඳු පෙරේරා 19, ප්‍රභාෂන සිල්වා 9/6, සවිඳු පෙරේරා 29/2)

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා- 79/1

(එෂාන් ප්‍රනාන්දු නොදැවී 29, සුවහස් යාපා නොදැවී 26)

ඉෂාන් රශ්මිත