මහනුවර ඇසළ පෙරහරට විශේෂ දුම්රිය කීපයක්

0
7

මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනයට එක් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ලබන ඉරිදා (07දා) සිට දින හතක කාලයක් මෙම විශේෂ සේවය ක්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ.ඩී.ජී. සෙනවිරත්න පැවැසීය.

කොළඹ කොටුවෙන් පෙ.ව. 07.05ට, 09.50ට, ප.ව. 02.15ට දෛනිකව දුම්රිය තුනක් මහනුවර බලා පිටත් වෙන බවත් එම ධාවන සැලසුම අගෝස්තු 07 වැනිදා සිට 11 දක්වා ක්‍රියාත්මක වන බවත් සෙනෙවිරත්න මහතා කීය.

මහනුවර දළදා මාලිගාව වැඳපුදා නැවත පැමිණෙන ජනතාවටත් කොළඹ කොටුව, නාවලපිටිය හා මාතලේ දක්වා විශේෂ දුම්රිය ධාවනයක් මහනුවර සිට ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව කිසිදු බාධාවකින් තොරව ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

මෙම විශේෂ දුම්රිය සේවාව ක්‍රියාත්මක කර තිබෙන්නේ සාමාන්‍ය දුම්රිය ගමන්වාරවලට අමතරව බවත් දිනකට විශේෂ ධාවන වාර දහයක් පමණ සපයා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත්  ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන