පෞද්ගලික බස් වර්ජනය කළොත් වැඩිපුර ලංගම බස්

0
52

පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයකට අද (5දා) දිනයේ යොමු වීම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවට පත් නොවීම සඳහා ලංගම සතු සියලුම බස් රථ ධාවනයට එක් කරන බව ලංගම

සභාපති කිංස්ලි රණවක ‘මව්බිම’ට පැවැසීය. සියලුම ඩිපෝවලින් රියැදුරු කොන්‍ෙදාස්තරවරුන් සියලුදෙනාට රාජකාරියට වාර්තා කරන ලෙස දන්වා ඇති බවත් නිවාඩු ලබා සිටින සියලුදෙනාද අද දිනයේ තම රාජකාරි සඳහා වාර්තා කර ඇති බවත් රණවක මහතා කීය.

මගීන් සඳහා ගමනාගමන පහසුකම් හැකි උපරිමයෙන් ලබාදීමට ලංගම කටයුතු කර ඇති බවත් පොදු ප්‍රවාහන සේවය කිසි විටක කඩා වැටීමට ලංගම ඉඩ නොදෙන බවත් ඔහු සඳහන් කළේය. ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඊයේ (4දා) සංශෝධනය කරන ලද නව බස් ගාස්තු ක්‍රියාත්මක කර ඇති බවත් ලංගම බස් රථ ධාවනය වන සියලු ප්‍රදේශවල කිසිදු වෙනසක් නොමැතිව ධාවන කටයුතු සිදු වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන