පෙම්වතා පෙම්වතියගේ සිරුරේ පස්පොළකට පිහියෙන් ඇනලා

0
13

පෙම්වතා සිය පෙම්වතියගේ සිරුරේ පස් පොළකට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියක් කඩුගන්නාව පොලිස් වසමේ වල්ගොව්වාගොඩ රත්මීවල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සැකකරු තිස්මඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු තරුණියගේ නිවෙසට ගොස් ඇගේ කාමරය තුළදීම ඇයට පිහියෙන් ඇන තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

සිද්ධිය පෙරේදා (3දා) පස්වරු 4.00ට පමණ වී තිබෙන අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

මියගොස් ඇත්තේ අයේෂා ලසිතානි වර්ණසූරිය නමැති 26 හැවිරිදි තරුණියකි.

සිද්ධිය වන අවස්ථාවේ තරුණිය ඇගේ මිත්තනිය සමඟ නිවෙසේ සිට තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මිත්තණිය පොලිස් හදිසි ඇමැතුම් අංකය අමතා සිද්ධිය දැනුම් දීමෙන් පසු කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ කරුණාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. යූ.බී. රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සැකකරු හා තරුණිය අතර 2019 වසරේ සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තිබෙන අතර ඇය එම සම්බන්ධය නතර කරන ලෙස දැනුම් දීම මෙම ඝාතනයට මුල් වී තිබෙන බවට සැක කරන බව පොලිසිය පැවැසීය.

මහනුවර _ කේ.එල්. සුරවීර